සෙල්වනාදන් පවුල

සෙල්වනාදන් පවුල (හරිහරන් සෙල්වනාදන් හා මනෝහරන් සෙල්වනාදන් සහෝදරවරු) සෘජුව කොටස් හිමිකාරීත්වය ඇති සමාගම් ලෙසින් ලැයිස්තුගත වී ඇති සමාගම් ගණනාවක් හරහා සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ කොටස් හිමිකොටගෙන ඇත. සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ කොටස්, කොටස් කරුවන් ලෙසින් ලැයිස්තු ගත වී ඇති සමාගම් පහ වන්නේ: සීමාසහිත සිලෝන් ෆයිනෑන්ස් ඇන්ඩ් සෙකියුරිටීස්, සීමාසහිත ෆුල්ක්‍රම්, සීමාසහිත ටවර් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්.) සමාගම, සීමාසහිත නොමිනී (පුද්.) සමාගම සහ සීමාසහිත වෝර්ඩ්ලි ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්.) සමාගම වේ.
හරිහරන් සෙල්වනාදන් සහ මනෝහරන් සෙල්වනාදන්, කාර්සන් කම්බර්බැච් පී.එල්.සී සමාගමේ හවුල් හිමිකාරීත්වය හා පාලනය දරයි. ෆෝර්බ්ස් ඒෂියා සඟරාවට අනුව ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයින් සිවුදෙනා අතරට හරිහරන් සහ මනෝහරන් දෙසොහොයුරන් අයත් වේ. හරිහරන් සෙල්වනාදන් බුකිට් දරාහ් පී.එල්.සී, කාර්සන් කම්බර්බැච් පී.එල්.සී, සීමාසහිත කාර්සන්ස් මැනේජ්මන්ට් සර්විසස් (පුද්.) සමාගම සහ සීමාසහිත ඇග්‍රෝ හරපන් ලෙස්ටරි (පුද්.) සමාගම යන ඒවායේ සභාපති තනතුර දරයි. ඊට අමතරව සීමාසහිත ගුඩ්හෝප් ඒෂියා හෝල්ඩින්ග්ස් හි උපසභාපති ලෙසින්ද ඔහු කටයුතු කරයි. කාර්සන්ස් ව්‍යාපාර සමූහයට අයත් උප සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ තනතුරු දරන ඔහු, සීමාසහිත ශ්‍රී ක්‍රිෂ්ණා කෝපරේෂන් (පුද්) සමාගමේ සහ සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේද අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. එසේම ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති ලෙසින්ද හරිහරන් කටයුතු කොට ඇති අතර, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ උප සභාපති ලෙසින්ද ඔහු කටයුතු කොට ඇත.
මනෝහරන් සෙල්වනාදන්, සීමාසහිත ශ්‍රී ක්‍රිෂ්ණා කෝපරේෂන් (පුද්.) සමාගම, සීමාසහිත සිලෝන් ෆයිනෑන්ස් ඇන්ඩ් සෙකියුරිටීස් සමාගම සහ සෙලින්සින්ග් පී.එල්.සී හි සභාපතිවරයා ලෙසින් කටයුතු කරයි. එසේම ඔහු ශ්‍රී ලංකාවේ, ඉන්දුනීසියාවේ, මැලේසියාවේ හා සිංගප්පූරුවේ කාර්සන් කම්බර්බැච් සමූහයට අයත් සමාගම් ගණනාවක සමූහ අධ්‍යක්ෂක ලෙසින්ද කටයුතු කරන අතර, එහි විධායක කළමනාකරණ සංසදයන්ගේ ක්‍රියාකාරී සාමාජිකයෙකුද වෙයි. එසේම ඔහු සීමාසහිත සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමේ උපසභාපති ලෙසද කටයුතු කරයි. මින් පෙර මනෝහරන් විසින් ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ලෙසින් සහ ඉන්දු ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ලෙසින්ද කටයුතු කොට ඇත. මීට අමතරව ඔහු කොළඹ උතුර රොටරි සමාජයේ සභාපති ලෙසින්ද කටයුතු කොට ඇත. වර්තමානයේ ඔහු ශ්‍රී ලංකාවේ චිලී ජනරජයේ නිර්වේතනික කොන්සල්වරයා ලෙසින් කටයුතු කරයි.
මනෝහරන් විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සේවාවන් අගයමින් ඔහුව 2005 දී ශ්‍රී ලංකා රජය මගින් "දේශමාන්‍ය" තනතුරින් පුද දෙනු ලැබිණි. 2011 දී ඔහුට ඉන්දීය ජනපති විසින් ඉන්දීය හා ශ්‍රී ලාංකීය සබඳතා පෝෂණය කිරීම වෙනුවෙන් "ප්‍රවසි භාරතීය සම්මා සම්මානය" පුදනු ලැබිණි. මීට අමතරව 2013 දී චිලී රජය මගින් ඔහුට "ඕඩර් ඔෆ් නයිට් කමාන්ඩර්" ජනපති ගෞරවය ලබාදුනි.
හරිහරන් සහ මනෝහරන් විසින් සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ කොටස් ලබාගෙන ඇත්තේ කිනම් සමාගම් හරහාද යන්න සලකා බලන විට, එවැනි සමාගමක් ලෙසින් සීමාසහිත ෆුල්ක්‍රම් සමාගම් ඉදිරියට පැමිණේ. මින් පෙර සීමාසහිත ද ජේක් ඕර්ගනයිසේෂන් (පුද්.) සමාගම ලෙසින් නම් වූ සීමාසහිත ෆුල්ක්‍රම් සමාගම හරිහරන් සහ මනෝහරන් විසින් 1988 දී මිලදී ගනී. වර්තමානයේදී සීමාසහිත ගුඩ්හෝප් හෝල්ඩින්ග්ස් ලිමිටඩ්, සීමාසහිත ස්කාන් ඉන්වෙස්ට්මන්ට් (පුද්.) සමාගම, සීමාසහිත වුඩ්වර්ඩ් (පුද්.) සමාගම, සීමාසහිත ගුඩ්හෝප් (පුද්) සමාගම සහ හරිහරන් සෙල්වනාදන් විසින් සීමාසහිත ෆුල්ක්‍රම් හි හිමිකාරීත්වය දරයි. ඊට අමතරව හරිහරන් සෙල්වනාදන්, ඔහුගේ දියණිය ශ්‍රදා සෙල්වනාදන්, ඔහුගේ පුත්‍රයා සතිෂ් සෙල්වනාදන් සහ හරිහරන්ගේ සහෝදර මනෝහරන් සෙල්වනාදන් මෙම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙසින් කටයුතු කරයි.
සීමාසහිත නෙට්වෙස්ට් නොමිනීස් (පුද්) සමාගමේ හිමිකාරීත්වය දරන්නේ සෙල්වනාදන් පවුල හා ශෂිලේඛා රාමයියාහ් නටරාජ් විසින් වේ. මනෝහරන් සෙල්වනාදන්, හරිහරන් සෙල්වනාදන් හා කනපති සෙල්වනාදන් හට සමාගමේ සෘජු කොටස් හිමිව තිබේ. ශෂිලේඛා රාමයියාහ් නටරාජ් හට සෙල්වනාදන් සහෝදරවරුන් හා ඒකාබද්ධ කොටස් තිබේ. ඇය විවාහ වී සිටින්නේ රාමයියාහ් නටරාජ් සමගිනි. 2016/2017 සඳහා කාර්සන්ස කම්බර්බැච් පී.එල්.සී වාර්ෂික වාර්තාවට අනුව ශෂිලේඛා සහ රාමයියාහ් යන දෙදෙනාම සමාගමේ කොටස් හිමිකරුවන් වෙති.
සීමාසහිත නෙට්වෙස්ට් නොමිනීස් (පුද්.) සමාගමට සමාන අයුරින්ම සීමාසහිත වෝර්ඩ්ලි ඉන්වෙස්ටන්ට් (පුද්.) සමාගමද ආරම්භ වූයේ බහුතර කොටස් ප්‍රමාණය සෙල්වනාදන්වරුන්ට හිමි සමාගමක් ලෙසිනි. කෙසේ වුවත් මේ වනවිට ශෂිලේඛා රාමයියාහ් නටරාජ් හා ඇගේ පුත්‍රයා වන වික්‍රම නටරාජ් මෙම සමාගමේ සියලුම කොටස් හිමිකාරීත්වය දරයි.
මෙම සමාගම් වලට අමතරව, හරිහරන් සහ මනෝහරන් බහුතර කොටස් හිමිකරුවන් ලෙසින් කටයුතු කරන කාර්සන් කම්බර්බැච් පී.එල්.සී හි කොටස්, සීමාසහිත සිලෝන් ෆයිනෑන්ස් ඇන්ඩ් සෙකියුරිටීස් සමාගම හා සීමාසහිත ටවර් ඉන්වෙස්ට්මන්ට් (පුද්.) සමාගම අත තිබේ.
ව්‍යාපාරය
වැවිලි, තෙල් සහ මේද
සීමාසහිත ගුඩ්හෝප් ඒෂියා හෝල්ඩින්ග්ස්
ආයෝජන ගොනු හා වත්කම් කළමනාකරණ
සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පී එල් සී
සිලෝන් ඉන්වෙස්ට්මන්ට් පී එල් සී
ගාර්ඩියන් කැපිටල් පාට්නර්ස් පී එල් සී
සීමාසහිත ගාර්ඩියන් ෆන්ඩ් මැනේජ්මන්ට්
සීමාසහිත ගාර්ඩියන් ඇක්විටි ඇසෙට් මැනේජ්මන්ට්
පාන
සිලෝන් බෘවරි හෝල්ඩින්ග්ස් පී එල් සී
ලයන් බෘවරි (ලංකා)
සීමාසහිත ලක්ෂරි බ්‍රෑන්ඩ්ස් (පුද්) සමාගම
දේපළ වෙළඳාම්
කාර්සන් කම්බර්බැච් පී.එල්.සී
විවේක
පෙගාසස්ස් හොටෙල්ස් ලංකා පී එල් සී
කාර්සන් කම්බර්බැච් පී.එල්.සී
කළමණාකාරීත්ව සේවා
කාර්සන්ස් මැනේජ්මන්ට් සර්විසස් (පුද්.) සමාගම
නොදනී
සීමාසහිත ෆුල්ක්‍රම්
සීමාසහිත ටවර් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්.) සමාගම
සීමාසහිත නෙට්වෙස්ට් නොමිනීස් (පුද්) සමාගම
සීමාසහිත වෝර්ඩ්ලි ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්.) සමාගම
පවුලේ අය හා මිතුරන්
පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
හරිහරන් සෙල්වනාදන් - බුකිට් දරාහ් පී.එල්.සී, කාර්සන් කම්බර්බැච් පී.එල්.සී, සීමාසහිත කාර්සන්ස් මැනේජ්මන්ට් සර්විසස් (පුද්.) සමාගම සහ සීමාසහිත ඇග්‍රෝ හරපන් ලෙස්ටරි (පුද්.) සමාගම යන ඒවායේ සභාපති තනතුර දරයි. ඊට අමතරව සීමාසහිත ගුඩ්හෝප් ඒෂියා හෝල්ඩින්ග්ස් හි උපසභාපති ලෙසින්ද ඔහු කටයුතු කරයි. කාර්සන්ස් ව්‍යාපාර සමූහයට අයත් උප සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ තනතුරු දරන ඔහු, සීමාසහිත ශ්‍රී ක්‍රිෂ්ණා කෝපරේෂන් (පුද්) සමාගමේ සහ සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේද අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. එසේම ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති ලෙසින්ද හරිහරන් කටයුතු කොට ඇති අතර, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ හිටපු උප සභාපති ලෙසින්ද ඔහු කටයුතු කොට ඇත.
මනෝහරන් සෙල්වනාදන් - සීමාසහිත ශ්‍රී ක්‍රිෂ්ණා කෝපරේෂන් (පුද්.) සමාගම, සීමාසහිත සිලෝන් ෆයිනෑන්ස් ඇන්ඩ් සෙකියුරිටීස් සමාගම සහ සෙලින්සින්ග් පී.එල්.සී හි සභාපතිවරයා ලෙසින් කටයුතු කරයි. එසේම ඔහු ශ්‍රී ලංකාවේ, ඉන්දුනීසියාවේ, මැලේසියාවේ හා සිංගප්පූරුවේ කාර්සන් කම්බර්බැච් සමූහයට අයත් සමාගම් ගණනාවක සමූහ අධ්‍යක්ෂ ලෙසින්ද කටයුතු කරන අතර, එහි විධායක කළමනාකරණ සංසදයන්ගේ ක්‍රියාකාරී සාමාජිකයෙකුද වෙයි. එසේම ඔහු සීමාසහිත සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමේ උපසභාපති ලෙසද කටයුතු කරයි. මින් පෙර මනෝහරන් විසින් ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ලෙසින් සහ ඉන්දු ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ලෙසින්ද කටයුතු කොට ඇත. මීට අමතරව ඔහු කොළඹ උතුර රොටරි සමාජයේ සභාපති ලෙසින්ද කටයුතු කොට ඇත. වර්තමානයේ ඔහු ශ්‍රී ලංකාවේ චිලී ජනරජයේ නිර්වේතනික කොන්සල්වරයා ලෙසින් කටයුතු කරයි.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ සහ වීරකේසරී පුවත්පතේ නිල වෙබ් අඩවි මගින් සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු නොසපයයි. එනිසා සමාගම සහ එහි ප්‍රකාශනයන් පිළිබඳ තොරතුරු එක් රැස් කර ගැනීම සඳහා ද්විතීයික මූලාශ්‍රයන් අවශ්‍ය විණි. සමාගමේ කොටස් කරුවන් පිළිබඳ තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ ලබාගෙන ඇත. වඩාත්ම මෑතකාලීන දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. පුද්ගලයින් පිළිබඳ තොරතුරු, සෙල්වනාදන් පවුලට සෘජුවම සම්බන්ධ අනෙකුත් සමාගම් හරහා එක් රැස් කොට ඇත. සෙල්වනාදන් පවුල පිළිබඳ තොරතුරු එකතු කිරීමට කාර්සන් කම්බර්බැච් පීඑල්සී සහ එහි සමාගම් වල වෙබ් අඩවි හා වාර්ෂික වාර්තාවන් පරිශීලනය කොට ඇත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 20 දින ප්‍රතිචාර දක්වා තිබිණි. එසේ වුවත් ඔවුන් ලබාදුන් දත්තද ඉතා සීමිත වූ බැවින් ද්විතියික මූලාශ්‍රයන් පරිශීලනය අවශ්‍ය විණි.
Sri Lankan Dhammika Perera's Master Plan by Forbes, Accessed on 28 September 2018