This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/29 at 15:30
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

සෞන්දරාජන් පවුල

සෞන්දරාජන් පවුල

එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ සෘජු කොටස් මෙන්ම වක්‍රාකාරයෙන් වූ කොටස්ද සෞන්දරරාජන් පවුල හිමිකොට ගෙන සිටී. එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ තනි කොටස් වලින් ප්‍රතිශතයක් කලෛඅප්පපිල්ලෛ සෞන්දරරාජන්, සරවනන් සෞන්දරරාජන් හා කුමුදේශ්වරන් ගාන්ධි සෞන්දරරාජන් හිමිකොටගෙන සිටී. කෙසේ වුවත් ඔවුන් එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ කොටස් 16.69% ක් සීමාසහිත කේ.එම්.කලෛ අප්පපිල්ලෛ සහ සමාගම හා සීමාසහිත කේ.එම්.කේ.හෝල්ඩින්ග්ස් සමාගම හරහා වක්‍රාකාරයෙන් හිමිකරගෙන සිටී. කලෛඅප්පපිල්ලෛ සෞන්දරරාජන්, එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගම, සීමාසහිත කේ.එම්.කේ.හෝල්ඩින්ග්ස් සමාගම, ඔරියන්ටල් එන්ටර්ප්‍රයිස්, සීමාසහිත මර්කන්ටයිල් කෝපරේෂන් සමාගම හා සීමාසහිත කේ.එම්.කලෛ අප්පපිල්ලෛ සහ සමාගම යන ඒවායේ අධ්‍යක්ෂවරයෙකු වේ. මේ අතර සරවනන් සෞන්දරරාජන්, එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගම සහ සීමාසහිත ඒෂියා මීඩියා පබ්ලිකේෂන්ස් (පුද්.) සමාගම යන දෙකම සඳහා කලෛඅප්පපිල්ලෛ සෞන්දරරාජන් වෙනුවෙන් වූ විකල්ප අධ්‍යක්ෂවරයෙකු ලෙසින් කටයුතු කරයි. කුමුදේශ්වරන් ගාන්ධි සෞන්දරරාජන්, සීමාසහිත කේ.එම්.කේ.හෝල්ඩින්ග්ස් සමාගම, සීමාසහිත කේ.එම්.කලෛ අප්පපිල්ලෛ සහ සමාගම, සීමාසහිත මර්කන්ටයිල් කෝපරේෂන් සමාගම සහ මර්කන්ටයිල් තොරතුරු ආයතනය යන සමාගම් වල අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ක්‍රියා කරයි.

මාධ්‍ය සමාගම්/සමූහයන්
මාධ්‍ය විකාශයන්/ප්‍රකාශනයන්
කරුණු

ව්‍යාපාරය

නොදනී

ඔරියන්ටල් එන්ටර්ප්‍රයිස්

අධ්‍යාපන

මර්කන්ටයිල් තොරතුරු ආයතනය

පවුලේ අය හා මිතුරන්

පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

කලෛඅප්පපිල්ලෛ සෞන්දරරාජන් - එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගම, සීමාසහිත කේ.එම්.කේ.හෝල්ඩින්ග්ස් සමාගම, ඔරියන්ටල් එන්ටර්ප්‍රයිස්, සීමාසහිත මර්කන්ටයිල් කෝපරේෂන් සමාගම හා සීමාසහිත කේ.එම්.කලෛ අප්පපිල්ලෛ සහ සමාගම යන ඒවායේ අධ්‍යක්ෂවරයෙකු වේ.

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ සහ වීරකේසරී පුවත්පතේ නිල වෙබ් අඩවි මගින් සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමේ හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු නොසපයයි. එනිසා ද්විතීයික මූලාශ්‍රයන් මෙන්ම, සමාගම මගින් ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසින් ලබාදුන් තොරතුරුද, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ ලබාගත් තොරතුරුද පරිශීලනය කොට ඇත. වඩාත්ම මෑතකාලීන දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. සෞන්දරාජන් පවුල සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ සොයාගත හැකි තොරතුරු ඉතාමත් හිඟ වේ. එනිසා ෆේස්බුක් ප්‍රොෆයිල ඔස්සේ දත්ත ‍රැස් කොට ඇත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 20 දින ප්‍රතිචාර දක්වා තිබිණි.

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ