වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ

ප්‍රසිද්ධ ව්‍යවසායිකාවක වන වරුණි සොනාලි අමුණුගම ප්‍රනාන්දු, දිලිත් ජයවීර සමගින් සමාගම් කිහිපයකම සම-ආරම්භක සහ කොටස් හිමිකාරිනියක ලෙසින් කටයුතු කරයි. ඇය විද්‍යාව, තාක්ෂණ, පර්යේෂණ, නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යවරයා වන සරත් අමුණුගමගේ දියණියයි. සීමාසහිත ට්‍රයැඩ් (පුද්) සමාගමේ හවුල් විධායක අධ්‍යක්ෂිකා ලෙසින් කටයුතු කිරීමට අමතරව ඇයට සහ දිලිත්ට සමාගමේ හිමිකාරීත්වයද ඇත. එසේම ඔවුන් දෙදෙනාට සීමාසහිත පවර් හවුස්, සීමාසහිත දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගම වැනි වෙනත් අනුබද්ධ සමාගම් වල හිමිකාරීත්වයද ඇත. දිලිත් සිටිනා අධ්‍යක්ෂ මණ්ඩලයන් බොහෝමයක වරුණිද සිටී. එසේම ඇය හෙලදිව්, තේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක නොවන අධ්‍යක්ෂිකාවක්ද වේ.
ව්‍යාපාරය
වෙළඳ ප්‍රචාරණ
සීමාසහිත ට්‍රයිඇඩ් (පුද්) සමාගම
ඡායාරූපාගාර
සීමාසහිත ටැප්‍රොබේන් ස්ට්‍රීට් (පුද්) සමාගම
ග්‍රැෆික් නිර්මාණ
සීමාසහිත ඉමේජ්ලයින් (පුද්) සමාගම
නිර්මාණ සහ මුද්‍රණ
සීමාසහිත ඉමේජ්වයිස් (පුද්) සමාගම
මුද්‍රණ
සීමාසහිත ප්‍රින්ටේජ් (පුද්) සමාගම
මහජන සම්බන්ධතා
සීමාසහිත හාඩ්ටෝක් (පුද්) සමාගම
උත්සව හා වැඩසටහන් කළමනාකරණ
සීමාසහිත ඇඩ් පැක් (පුද්) සමාගම
ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ඒජන්සිය සහ අන්තර්ජාලගත අලෙවිකරණය
සීමාසහිත ට්‍රයිඇඩ් ඩිජිටල් (පුද්) සමාගම
සන්නාම සේවා
සීමාසහිත හැමර් බීටීඑල් (පුද්) සමාගම
ශ්‍රව්‍ය දෘෂ්‍ය නිෂ්පාදන
සීමාසහිත 35 KM (පුද්) සමාගම
සංචාරක
සිට්‍රස් ලෙෂර් පී එල් සී
පවුලේ අය හා මිතුරන්
පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
දිලිත් ජයවීර - වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ සමගින් ව්‍යාපාරයන් කිහිපයකම සම-ආරම්භකයා සහ කොටස් හිමිකරුවෙකු වෙයි.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
දෙරණ සමූහ ව්‍යාපාර යටතේ ඇති නිල වෙබ් අඩවි තුල වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දක්නට නොමැති අතර, ඒනිසා වරුණි අමුණුගම ෆර්නැන්ඩෝගේ තොරතුරු ලබාගැනීම සඳහා පොදුජනයාට ප්‍රවේශ වීමට හැකි ආකාරයෙන් ඇති යම් යම් ද්විතීයික මූලාශ්‍රයන් පරිශීලනය කෙරිණි. මේ අතරේදී කොටස් හිමිකාරීත්වය පිළිබඳ දත්ත සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා ලදී.