සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගම

එක්සත් ජනපදය පදනම් වූ සන්රයිස් ගුවන් විදුලි සමූහය මගින් 1990 ගණන් වලදී සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගම ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන්නට යෙදිණි. වර්තමානයේදී එය රේනෝ සිල්වාට අයත් සීමාසහිත රේනෝ සිල්වා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ උප කොටසක් ලෙසින් ලැයිස්තු ගතව තිබේ. මෙම සමාගම යටතේ හිරු එෆ් එම්, ෂා එෆ් එම්, ගෝල්ඩ් එෆ් එම්, සන් එෆ් එම් හා සූරියන් එෆ් එම් යන ගුවන් විදුලි නාලිකා පහක් තිබේ. එසේම HD ready/Digital ready රූපවාහිනී නාලිකාවක් වන හිරු ටීවී ද මෙම සමාගම යටතේ පවතී.
2007 දී ශ්‍රී ලංකා රජය මගින් ABC ජාලයේ ගුවන් විදුලි විකාශන බලපත්‍රයන්, විරෝධතාවයන් දෙකක් ඔස්සේ අත්හිටුවීමට යෙදුණි. පළමුව, ABC ගුවන් විදුලි විකාශන බලපත්‍රයන් නිකුත් කෙරුණේ 1995 නොවැම්බර් 17 වුවත්, සමාගම සංස්ථාපනය කෙරී ඇත්තේද නොවැම්බරයේදීයි. දෙවෙනුව, රටේ සන්නද්ධ ගැටුම් පවත්නා කාලය තුළදී ABC ගුවන් විදුලි විකාශයන් මගින් සාවද්‍ය වාර්තාවන් විකාශය කොට තිබිණි. පසුව ABC ආයතනය මගින් කණගාටුව ප්‍රකාශ කිරීමක් නිකුත් කොට, එම සාවද්‍ය වාර්තාව නිවැරදි කිරීමට උත්සාහ ගත්තේ වුවද, රජය විසි එම අත්හිටුවීම වෙනස් නොකළේ එය වාර්තාගත වූ අන්දමට "ප්‍රකාශන නිදහස බරපතළ ලෙසින් උල්ලංඝනය කිරීමක්" ලෙසින් සලකමිනි. තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ABC සමාගමෙන් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභා කොට, එහි සභාපති රේනෝ සිල්වා හට රුපියල් 250,000 (එක්සත් ජනපද ඩොලර් 2,259.99) ක මුදල් ඇපයක් ගෙවන ලෙසින් නියම කොට සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ පෙත්සමක් ඉදිරිපත් කිරීමේ වරදටයි. වාර්තා වන අන්දමට, එම පෙත්සම මගින් ABC මගින් විකාශය කළ මුල් සාවද්‍ය ප්‍රවෘත්ති වාර්තාව යටපත් කොට තිබිණි. කෙසේ වුවත් රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් (RSF), නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) වැනි ජනමාධ්‍ය සම්බන්ධ කණ්ඩායම් කිහිපයක්ම මෙම අත්හිටුවීම පුළුල්ව හෙළා දැක තිබිණි.
මවු සමාගම
සීමාසහිත රේනෝ සිල්වා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම
ව්‍යාපාර ආකෘති පත්‍රය
පුද්ගලික
නෛතික ආකෘති පත්‍රය
පුද්ගලික සීමාසහිත සමාගම
ව්‍යාපාරික ක්ෂේත්‍රයන්
ගුවන් විදුලි හා රූපවාහිනී විකාශන
තනි හිමිකරු
වෙනත් ගුවන් විදුලි විකාශනයන්
සන් එෆ් එන් (0.32%)
වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්
http://www.hirunews.lk/
https://www.sooriyanfm.lk/
https://www.sunfm.lk/
http://www.hirufm.lk/
http://gossip.hirufm.lk/
http://www.hirutv.lk/
https://www.goldfm.lk/
https://www.shaafm.lk/
ව්‍යාපාරය
දේපළ වෙළඳාම්
සීමාසහිත ස්කයිලයින් පැසිෆික් රියල් එස්ටේට් (පුද්) සමාගම
විලාසිතා
සීමාසහිත වයිට් ලෝටස් ෆැෂන්ස් (පුද්) සමාගම
සාමාන්‍ය තොරතුරු
ආරම්භ කළ වසර
1995
ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්
මෙම ගුවන් විදුලි ආයතය අයත් වන්නේ සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමට වන අතර, එහි හිමිකාරීත්වය දරන්නේ රේනෝ සිල්වා විසින් වේ. රේනෝ සිල්වා යනු ශ්‍රී ලංකාවේ විකාශන මාධ්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය ව්‍යාපාරිකයෙකි. ඔහු, රටේ විශාලතම ගුවන් විදුලි ජාලය ලෙසින් පවතින සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ සභාපතිවරයා වේ. ඔහු ඒබීසී ජාලය පවරාගත්තේ, එක්සත් රාජධානිය පදනම් කොටගත් සන්රයිස් සමූහය එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් නවතා දැමීමෙන් පසුවයි. රෙනෝගේ සොයුරු වින්සන්ට් සිල්වා සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාද රේනෝගේ සහෝදරයෙකි. දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් නියම වී ඇති මරණ දඬුවම සඳහා කොළඹ මහාධිකරණයේ අභියාචනය කර තිබු අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනය විසින් 2018 ඔක්තෝබර් 11 වන දින ඉවත දමන ලදී.
සේවා නියුක්තයින්
දත්ත නොමැත
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Asia Broadcasting Corporation (Pvt) Limited
35th Floor, East Tower, World Trade Center, Colombo 1
Tel: +94 11 2 337 555
Fax: (+94) 112 346 870
E-mail: md@asiabroadcasting.lk
Website: asiabroadcasting.lk
බදු අංකය/හඳුනා ගැනීමේ අංකය
PV16452
මූල්‍ය තොරතුරු
ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
කළමනාකාරීත්වය
විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්
සමන්ත රෙනෝ සිල්වා - සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ හිමිකරු
වින්සන්ට් ප්‍රේමලාල් සිල්වා - අධ්‍යක්ෂ මණ්ඩල සභික හා අධ්‍යක්ෂ. ඔහු සීමාසහිත මීඩියාකෝ ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගමේ කොටස් වලින් සුළු ප්‍රතිශතයකට හිමිකම් කියයි.
වින්සන්ට් ප්‍රබෝධ සිල්වා - අධ්‍යක්ෂ මණ්ඩල සභික හා අධ්‍යක්ෂ. ඔහු සීමාසහිත මීඩියාකෝ ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගමේ අධ්යක්ෂවරයෙකි.
මලීකා චාමරී සිල්වා සිරිසේනගේ - අධ්‍යක්ෂ මණ්ඩල සභික හා අධ්‍යක්ෂ
අනෙකුත් වැදගත් පුද්ගලයින්+අනෙකුත් වැදගත් පුද්ගලයින්ගේ ලැදියාවන්
සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ සාමාන්‍යාධිකාරී ලෙසින් ප්‍රසාද් කරුණාරත්න කටයුතු කරයි.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගම (ABC) පිළිබඳ තොරතුරු එහි නිල වෙබ් අඩවිය ඔස්සේ මෙන්ම ද්විතීයික මූලාශ්‍ර ඔස්සේද ලබාගෙන ඇත. එහි සභාපති රේනෝ සිල්වා පිළිබඳ තොරතුරු සීමාසහිත රේනෝ සිල්වා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ නිල වෙබ් අඩවිය තුල දක්නට ඇත. සමාගමේ හිමිකාරීත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ තොරතුරු, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ එක් රැස් කොටගෙන ඇත. සූරියන් එෆ් එම් හි ප්‍රධාන පුද්ගලයින්ගේ තනතුරු, නාලිකාව සෘජුවම සම්බන්ධ කර ගනිමින් එහි වැඩසටහන් අධ්‍යක්ෂ හා කථා කිරීමෙන් පසුව ස්ථිර කොටගෙන ඇත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත රේනෝ සිල්වා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි. ගණන් ප්‍රමාණයක් ඇමරිකානු ඩොලරයට පරිවර්තනය කිරීම සඳහා 2017 වසර සඳහා මහ බැංකුවේ විනිමය අනුපාත මධ්‍යන්‍ය අගය (152.45) භාවිතා කොට ඇත.