This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/19 at 12:52
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

සීමාසහිත ඒ එස් කේ මීඩියා (පුද්) සමාගම

සීමාසහිත ඒ එස් කේ මීඩියා (පුද්) සමාගම

සීමාසහිත ඒ එස් කේ මීඩියා (පුද්) සමාගම යනු, 2008 දී කුහනාදන් සභාපති සුප්පයියා විසින් ආරම්භ කරනු ලැබූ රූපවාහිනී සේවා සපයන්නෙකි. මෙම සමාගම මගින් DAN News, DAN Tamil Oli, DAN Music HD, Yarl TV, Kalvi TV, Ohm TV, Holymary TV, Pirai TV වැනි චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා විකාශය කරයි. මෙම නාලිකාවන් වෙත යාපනය හා කොළඹ වැනි ශ්‍රී ලංකාවේ යම් යම් පළාත් වල සිට සහ යුරෝපයේ හා මැදපෙරදිග සිට ප්‍රවේශ විය හැක. සීමාසහිත ඒ එස් කේ මීඩියා (පුද්) සමාගමේ මුල් අයිතිකරු ලෙසින් ජෙම්ස්දාස් සවරිමුත්තු ලැයිස්තුගතව සිටියත්, සමාගමේ වර්තමාන හිමිකරුවා වන්නේ එහි ආරම්භකයාද වන කුහනාදන් සභාපති සුප්පයියා වේ.

ප්‍රධාන කරුණු

ව්‍යාපාර ආකෘති පත්‍රය

පුද්ගලික

නෛතික ආකෘති පත්‍රය

පුද්ගලික සීමාසහිත සමාගම

ව්‍යාපාරික ක්ෂේත්‍රයන්

රූපවාහිනී විකාශන

හිමිකාරීත්වය

තනි හිමිකරු

මාධ්‍ය විකාශනය
Other Media Outlets

වෙනත් රූපවාහිනී විකාශනයන්

ඩෑන් නිව්ස්

වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්

http://www.dantv.tv/

කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භ කළ වසර

2008

ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්

කුහනාදන් සභාපති සුප්පයියාහ්, නැතිනම් එස්.කුහනාදන් යනු ඩෑන් ටීවී හිමිකම ඇති සීමාසහිත ඒ.එස්.කේ මීඩියා (පුද්) සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ. ඔහු 80 දශකයේ අග භාගයේදී ප්‍රංසයට සංක්‍රමණය වී එහිදී සතිපතා පැරිස් ඊලනාදු පුවත්පත ආරම්භ කළ අතර, ඉන් පෙර ඔහු උතුරු පළාතේ බෙදා හැරුණු ඊලනාදු පුවත්පතේ සංස්කාරක ලෙසින් කටයුතු කරන ලදී. 90 දශකයේ අග භාගයේදී ඔහු ප්‍රංසය පදනම් කොටගත් පළමු දමිළ භාෂා රූපවාහිනී ආයතනය ආරම්භ කිරීමට උපකාරී විණි. එතැන් පටන් ඔහු අඩු තරමින් ජනමාධ්‍ය සමාගම් හතරක වත් අධ්‍යක්ෂ තනතුරු හොබවයි. ඒවා නම් සීමාසහිත ඩිෂ් ඒෂියා සමාගම (2002 අගෝස්තු 30- 2007 ජූනි 26), සීමාසහිත ඩිෂ් ඉන්ටර්නැෂනල් සමාගම (2003 මාර්තු 11 - 2006 ජූනි 13), සීමාසහිත ඩිශ් ඒෂියා යුරෝ සමාගම (2003 ජූනි 13 - 2006 අප්‍රේල් 11) සහ සීමාසහිත රෙමිනිසෙන්ට් ටෙලිවිෂන් (යුරෝප්) සමාගම (2000 සැප්තැම්බර් 22 - 2003 ජූලි 22) වේ. මෙම සමාගම් දැන් අභාවයට ගොස් තිබුණද, එස්.කුහනාදන් ප්‍රංසයේ ජීවත් වූවත් මෙම සමාගම් එක්සත් රාජධානියේ ලියාපදිංචි කොට තිබුණි.

සේවා නියුක්තයින්

දත්ත නොමැත

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

No. 707, Hospital Road, Jaffna

Email: ceo@dantv.tv

Tel: +94112691144

Web: www.dantv.tv

බදු අංකය/හඳුනා ගැනීමේ අංකය

PV65262

මූල්‍ය තොරතුරු

ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

කළමනාකාරීත්වය

විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්

කුහනාදන් සභාපති සුප්පයියා නැතිනම් එස්.කුහනාදන් යනු සීමාසහිත ඒ.එස්.කේ මීඩියා (පුද්) සමාගමේ ආරම්භක, ප්‍රධාන විධායක නිලධාරී සහ හිමිකරු වේ.

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

සීමාසහිත ඒ.එස්.කේ මීඩියා (පුද්) සමාගමට නිල වෙබ් අඩවියක් නොමැත. ඩෑන් ටීවී නිල රූපවාහිනී වෙබ් අඩවිය මගින් එහි ආරම්භකයා, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සංවිධාන ව්‍යුහය පිළිබඳ කිසිදු තොරතුරක් නොසපයයි. එනිසා ද්විතීයික මූලාශ්‍ර පරිශීලනය කිරීමට සිදුවිණි. සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන වාර්ෂික වාර්තාවන්ගෙන් දැක්වුණේ 2008 වනවිටත් සීමාසහිත ඒ.එස්.කේ මීඩියා (පුද්) සමාගමේ කොටස් 100% ක හිමිකාරීත්වය දරන්නේ ජමෙස්තාස් සවරිමුත්තු බව වුවත්, දුරකථන ඇමතුමක් ඔස්සේ සමාගම සෘජුවම සම්බන්ධ කරගත් විට පැහැදිලි කරගැනීමට හැකිවූයේ එහි වර්තමාන හිමිකරුවා වන්නේ සමාගමේ ආරම්භකයාද වන කුහනාදන් සභාපති සුප්පයියා බවයි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 25 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත ඒ.එස්.කේ මීඩියා (පුද්) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ