This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/28 at 13:55
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්) සමාගම

සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්) සමාගම

2008 වනතුරු සීමාසහිත සුමති පුවත්පත් (පුද්) සමාගම ලෙසින් හැඳින්වුණු සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්) සමාගම මගින් 1.62% ක පාඨක ප්‍රතිශතයක් සහිත දිනපතා ලක්බිම සහ ඉරිදා ලක්බිම පුවත්පත් ප්‍රකාශයට පත් කරයි. තවදුරටත් ලක්බිම මගින් 2007 දී ඉංග්‍රීසි භාෂාව කථා කරනා පාඨකයින් වෙනුවෙන් ලක්බිම නිව්ස් නමින් සතිපතා ඉංග්‍රීසි පුවත්පතක්ද ආරම්භ කරන්නට යෙදිණි. ඉරිදා ලක්බිම මගින් ගෘහණියන් සහ තරුණ තරුණියන් වෙනුවෙන් ‍රැජිණ සහ සමුදුර වැනි ටැබ්ලොයිඩ් කිහිපයක්ද ලබාදේ.

මෙම සමාගම ආරම්භ කරනු ලැබුවේ උඩ ව‍ටුවගේ ජනත් ප්‍රිය තිලංග සුමතිපාල නැතිනම් පොදුවේ හඳුන්වන ආකාරයට තිලංග සුමතිපාල විසිනි. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA) හරහා තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඊට අමතරව ඔහු 2015 සැප්තැම්බරයේ සිට 2018 මැයි දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක පදවියද දැරූ අතර, ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමයේ පුරෝගාමී සාමාජිකයෙකුද වේ. 

සමාගම ආරම්භ කළේ තමන් වුවත්, 2010 දී තම දේශපාලන අභිලාශයන් වෙනුවෙන් ක්‍රියා කරනු වස් තිලංග සුමතිපාල විසින් සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්) සමාගමේ සභාපති ධූරයෙන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වුණු අතර එයින් පසු ඔහුගේ සහෝදරයා වූ උඩ ව‍ටුවගේ ජගත් ප්‍රිය අනුර සුමතිපාල නැතිනම් ජගත් සුමතිපාල සමාගමේ පාලනය භාරගති. ජගත් සුමතිපාල හට සමාගමේ කොටස් වලින් 50% ක හිමිකාරීත්වය තිබෙනා අතර, වර්තමානයේදී ඔහු සමාගමේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කරයි. ඔහු විවාහ වී සිටින්නේ සමන්තා කුමාරි සුමතිපාල (පෙර කරුණාරත්න) සමගින් වේ. මෙම දෙදෙනා සමාගමේ එකම අධ්‍යක්ෂවරුන් දෙපළ වෙති. 

සමාගමේ ඉතිරි 50% ක කොටස් ප්‍රමාණය වඩු ආරච්චිගේ මිලිනා සුමතිපාල නැතිනම් සැවොම දන්නා පරිදි මිලිනා සුමතිපාල හට හිමිව තිබේ. ඇය තිලංග හා ජගත් සුමතිපාල දෙසොහොයුරන්ගේ මවයි. කෙසේ වුවත් ඇය 2016 දී අභාවප්‍රාප්ත වූවත්, තවමත් සමාගමේ එම කොටස් ප්‍රමාණය ඇයගේ නම යටතේ ලේඛනගතව පවතී.

ප්‍රධාන කරුණු

ව්‍යාපාර ආකෘති පත්‍රය

පුද්ගලික

නෛතික ආකෘති පත්‍රය

සීමිත වගකීම් සමාගම

ව්‍යාපාරික ක්ෂේත්‍රයන්

ප්‍රකාශන

හිමිකාරීත්වය

තනි හිමිකරු

මාධ්‍ය විකාශනය
Other Media Outlets

වෙනත් මුද්‍රිත ප්‍රකාශනයන්

‍රැජිණ (0.25%)

වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්

https://www.lakbima.lk/

කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භ කළ වසර

1994

ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්

උඩ ව‍ටුවගේ ජගත් ප්‍රිය අනුර සුමතිපාල නැතිනම් ජගත් සුමතිපාල, සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමේ සහ එහි මවු සමාගම වන සීමාසහිත සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්.) සමාගමේ සභාපතීත්වය, ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරු දරයි. ඔහු දැවැන්ත ව්‍යාපාරිකයෙකු වන යූ.ඩබ්.සුමතිපාල සහ මහජන හිතවාදිනියක වන මිලිනා සුමතිපාලගේ වැඩිමහල් පුත්‍රයා වේ. ජගත් සුමතිපාල ඔහුගේ මවගේ අභාවයෙන් පසුව 2017 වසරේදී සීමාසහිත සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්.) සමාගමේ සභාපතිවරයා ලෙසින් වගකීම් භාරගන්නා ලදී. ඔහුට සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමේ 50% ක කොටස් හිමිකාරිත්වය ඇත.

--
උඩු වටුගේ ජනත ප්‍රිය තිලංග සුමතිපාල හෙවත් තිලංග සුමතිපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු 1994දී සුමති පුවත්පත් සමාගම පිහිටවනු ලැබීය. 2008 දී එය ලක්බිම පුවත්පත් සමාගම ලෙස නම් කෙරුණි. ඔහුගේ දේශපාලන වෘත්තීය ඉදිරියට කර ගෙන යෑම සදහා ඔහු 2010 දී ලක්බිම පුවත්පත් සමාගමේ සභාපති දුරයෙන් ඉල්ලා අස්වුනි. ඔහු හිටපු නියෝජ්‍ය කතානායක ධුරය, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය ධුරය, බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී වරයෙකු ද ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ආරම්භක සාමාජිකයෙකුද වේ.

තිලංග ව්‍යාපාර ශ්‍රේත්‍රයේ ප්‍රවීනයෙකු වන යු.ඩබ්ලිවු. සුමතිපාල සහ ධානපතිනියක වන මිලිනා සුමතිපාල යන අයගේ බාල පුතුණුවන් වේ. යු.ඩබ්ලිවු. සුමතිපාල, ලක්බිම පුවත්පත් සමාගමේ මව් සමාගම වන සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් පුද්ගලික සමාගමේ ආරම්භක සාමාජිකයා වූ අතර මිලීනා සුමතිපාල මහත්මිය ඔහුගේ සැමියාගේ අභාවයෙන් පසු එහි සභාපති තනතුර දැරීය. තිලංගට ජගත් සුමතිපාල යනුවෙන් එක සහෝදරයෙක්ද සහෝදරියන් පස් දෙනෙක් ද සිටියි. ජගත් දැනට සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් පුද්ගලික සමාගමේ වර්තමාන සභාපතිවරයා ද , ලක්බිම පුවත්පත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සහ කළමනාකාර අධ්‍යක්‍ෂකවරයාද වේ.

ලක්බිම පුවත්පත් සමාගමට අමතරව තිලංග BPO සේවා පුද්ගලික සමාගම පවත්වාගෙන යන අතරම එය ගෝලීය වෙළදපල සහ ගෝලීය වෙලඳපොලවල් සහ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංසරණ පිළිබඳ අවධානය යොමු කරන ක්‍රියාවලිය බාහිර කටයුතු කිරීමේ සේවාවකි. ඔහු විසින් Ingrin මුද්‍රණ මධ්‍යස්ථානයද සොයාගත් අතර එය නවීනතම කළා මධ්‍යස්ථානයක් වන අතර එහි ශියයන්ට මුද්‍රණය, කලාව සහ ග්‍රැෆික් නිර්මාණය සිදුකරනු ලබයි.

සේවා නියුක්තයින්

දත්ත නොමැත

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Lakbima Newspapers (Pvt) Limited

No. 445/1, Sirimavo Bandaranaike Mawatha, Colombo 14

General: +94 11 242 6000, +94 11 242 6025

Fax: +94 11 234 3408

Email: info@lakbima.lk, daily@lakbima.news.lk

Website: lakbimanews.lk

බදු අංකය/හඳුනා ගැනීමේ අංකය

PV971

මූල්‍ය තොරතුරු

ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

කළමනාකාරීත්වය

විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්

උඩ ව‍ටුවගේ ජගත් ප්‍රිය අනුර සුමතිපාල නැතිනම් ජගත් සුමතිපාල, සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමේ සහ එහි මවු සමාගම වන සීමාසහිත සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්.) සමාගමේ සභාපතීත්වය, ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරු දරණ අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුද වේ. ඔහු දැවැන්ත ව්‍යාපාරිකයෙකු වන යූ.ඩබ්.සුමතිපාල සහ මහජන හිතවාදිනියක වන මිලිනා සුමතිපාලගේ වැඩිමහල් පුත්‍රයා වේ. ජගත් සුමතිපාල ඔහුගේ මවගේ අභාවයෙන් පසුව 2017 වසරේදී සීමාසහිත සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්.) සමාගමේ සභාපතිවරයා ලෙසින් වගකීම් භාරගන්නා ලදී. ඔහුට සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමේ 50% ක කොටස් හිමිකාරිත්වය ඇත.

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමේ නිල වෙබ් අඩවිය තුළින් සමාගමේ හිමිකාරීත්වය පිළිබඳව සැපයෙන්නේ සීමාසහිත තොරතුරු ප්‍රමාණයකි. මේ නිසා සමාගමේ හිමිකාරීත්වය නිශ්චය කරගැනීම උදෙසා ද්විතීයික මූලාශ්‍ර පරිශීලනය කෙරී ඇත. කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවන් ඔස්සේ එක් ‍රැස් කොටගෙන ඇත. සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගම සඳහා ඇති වඩාත්ම මෑතකාලීන දත්ත වන්නේ 2017 වසර සඳහා වන තොරතුරු වේ. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ