This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/29 at 01:58
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

සීමාසහිත පවර් හවුස්

2008 දී ආරම්භ වූ සීමාසහිත පවර් හවුස් සමාගමට සීමාසහිත දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගම හරහා දෙරණ සමාගම් ජාලයේ හිමිකාරීත්වය තිබේ. වර්තමානයේදී එෆ් එම් දෙරණ, දෙරණ ටීවී සහ අද දෙරණ 24/7 හිමිකාරීත්වය පවර් හවුස් වෙත තිබේ. දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ ප්‍රධාන කොටස් හිමිකරුවන් වන අතර ඔවුන්ගේ හවුල් පාලනය යටතේ 49.41% ක කොටස් ප්‍රමාණයක් තිබේ. එසේම ඔවුන් එක් එක් අයෙකුට 9% ක තනි තනි කොටස් ප්‍රමාණයන්ද ඇත. ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) මගින් 2017 සඳහා කළ ජාතික සමීක්ෂණයට අනුව දෙරණ ටීවී සහ එෆ් එම් දෙරණ වෙත පිළිවෙලින් ඉහළම ප්‍රේක්ෂක හා රසික ප්‍රමාණයන් ඇත.

ප්‍රධාන කරුණු

මවු සමාගම

සීමාසහිත පවර් හවුස්

ව්‍යාපාර ආකෘති පත්‍රය

පුද්ගලික

නෛතික ආකෘති පත්‍රය

පුද්ගලික සීමිත වගකීම් සමාගම

ව්‍යාපාරික ක්ෂේත්‍රයන්

ගුවන් විදුලි හා රූපවාහිනී විකාශන, වෙළඳ ප්‍රචාරණ, ඡායාරූපාගාර, පූර්ව මුද්‍රණ සේවා, මුද්‍රණ, මහජන සම්බන්ධතා, උත්සව හා වැඩසටහන් කළමනාකරණ, වාර්ෂික වාර්තා සැලසුම් කිරීම හා පිළියෙල කිරීම, ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ඒජන්සිය සහ අන්තර්ජාලගත අලෙවිකරණය, ගුවන් විදුලි හෝ රූපවාහිනී හෝ දැන්වීම් පුවරු හෝ චිත්‍රපට හෝ මුද්‍රණ නොවන ක්‍රම වලින් ලබාදෙන සේවා, ශ්‍රව්‍ය දෘෂ්‍ය නිෂ්පාදන, සංචාරක

හිමිකාරීත්වය

දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ

දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ පවර් හවුස් හි 49.41% ක කොටස් ප්‍රමාණයක් හවුලේ පාලනය කරන අතර, ඔවුන් එක් එක් අයෙකුට 9% ක තනි තනි කොටස් ප්‍රමාණයන්ද ඇත.

49.4%
මාධ්‍ය විකාශනය
Other Media Outlets

වෙනත් රූපවාහිනී විකාශනයන්

අද දෙරණ 24/7 (0.3%)

වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්

http://fmderana.lk/

කරුණු

ව්‍යාපාරය

වෙළඳ ප්‍රචාරණ

සීමාසහිත ට්‍රයිඇඩ් (පුද්) සමාගම

ඡායාරූපාගාර

සීමාසහිත ටැප්‍රොබේන් ස්ට්‍රීට් (පුද්) සමාගම

ග්‍රැෆික් නිර්මාණ

සීමාසහිත ඉමේජ්ලයින් (පුද්) සමාගම

නිර්මාණ සහ මුද්‍රණ

සීමාසහිත ඉමේජ්වයිස් (පුද්) සමාගම

මුද්‍රණ

සීමාසහිත ප්‍රින්ටේජ් (පුද්) සමාගම

මහජන සම්බන්ධතා

සීමාසහිත හාඩ්ටෝක් (පුද්) සමාගම

උත්සව හා වැඩසටහන් කළමනාකරණ

සීමාසහිත ඇඩ් පැක් (පුද්) සමාගම

ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ඒජන්සිය සහ අන්තර්ජාලගත අලෙවිකරණය

සීමාසහිත ට්‍රයිඇඩ් ඩිජිටල් (පුද්) සමාගම

සන්නාම සේවා

සීමාසහිත හැමර් බීටීඑල් (පුද්) සමාගම

ශ්‍රව්‍ය දෘෂ්‍ය නිෂ්පාදන

සීමාසහිත 35 KM (පුද්) සමාගම

සංචාරක

සිට්‍රස් ලෙෂර් පී එල් සී

සාමාන්‍ය තොරතුරු

ආරම්භ කළ වසර

2003

ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්

ප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වන දිලිත් ජයවීර සහ විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගමගේ දියණිය වන වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ, සීමාසහිත දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්.) සමාගම අයත් සීමාසහිත පවර් හවුස් සමාගමේ හවුල් ආරම්භකරුවන් වේ. වර්තමානයේ දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්.) සමාගම මගින් ටීවී දෙරණ සහ එෆ්.එම්.දෙරණ පවත්වා ගෙන යනු ලැබේ. දිලිත් සහ වරුණි මූලිකවම ඔවුන්ගේ වාණිජ ව්‍යාපාරයන් ආරම්භ කරනු ලැබුවේ, ඔවුන් නීති ශිෂ්‍යයින්ව සිටිනා අතරතුරදී සීමාසහිත ට්‍රයැඩ් (පුද්) සමාගම නම් වෙළඳ දැන්වීම් ඒජන්සිය සමගිනි. 1993 දී ස්ථාපනය කරනු ලැබූ මෙම ඒජන්සිය ආකෘතිගත කරනු ලැබුවේ රටේ පළමුවෙනි දේශීය වෙළෙඳ දැන්වීම් නිර්මාණ ආයතනය ලෙසයි. 2005 දී මෙය ප්‍රසිද්ධියට පත්වූයේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් වෙළෙඳ දැන්වීම් ව්‍යාපාරයන් මෙහෙයවීම තුලිනි. සීමාසහිත ට්‍රයැඩ් (පුද්) සමාගම ස්ථාපනය කිරීමට පසු, දිලිත් සහ වරුණි සීමාසහිත පවර් හවුස් නැතිනම් 2003 දී සංස්ථාපනය කිරීමට පෙර සීමාසහිත පවර් හවුස් (පුද්) සමාගම, 2008 දී සංස්ථාපිත සීමාසහිත ද්‍රණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගම වැනි ජනමාධ්‍ය සම්බන්ධ වෙනත් ව්‍යාපාරයන් කිහිපයක් වෙතද අවධානය යොමු කරන ලදී.

සේවා නියුක්තයින්

දත්ත නොමැත

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

No. 320, 'Deutche House', T.B. Jaya Mawatha, Level 4, Colombo 10

Tel: +945300800, +945300700

Fax: +942506226

Website: derana.lk

බදු අංකය/හඳුනා ගැනීමේ අංකය

PB1399

මූල්‍ය තොරතුරු

ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

කළමනාකාරීත්වය

විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්

දිලිත් ජයවීර - සීමාසහිත පවර් හවුස් හි සම ආරම්භකයා සහ කොටස්කරුවෙකු වේ.

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

සීමාසහිත පවර් හවුස් නිල වෙබ් අඩවිය මගින් දෙරණ ව්‍යාපාර සමූහයන්ට අදාළ නාලිකාවන් පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු ලබා නොදේ. එනිසා අවශ්‍ය දත්ත ලබා ගැනීම උදෙසා ද්විතීයික මූලාශ්‍ර පරිශීලනය කිරීමට සිදුවිණි. කෙසේ වුවත් මෙම ද්විතීයික මූලාශ්‍ර ඔස්සේ වුවත් පවර් හවුස් සමාගම පිළිබඳව ලබාගහ හැකි වූ තොරතුරු සාපේක්ෂව දුර්ලභ විණි. මේ අතර සම ආරම්භකයින් වන දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම පිළිබඳ තොරතුරු පහසුවෙන් ලබාගැනීමට තිබිණි. සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔස්සේ එක් ‍රැස් කොටගෙන ඇත. වඩාත්ම මෑතකාලීන දත්ත වන්නේ 2015 වසර සඳහා වන තොරතුරු වේ. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත පවර් හවුස් සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ