සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම

සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම යනු ලංකාශ්‍රී හි ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අඩවි අධීක්ෂණය කරනා සමාගමයි. මෙම සමාගම ශ්‍රී ලංකාවේ පිහිටවනු ලැබුවේ 2015 දී වේ. කෙසේ වුවත් ලංකාශ්‍රී ලියාපදිංචි වූයේ 2001 දී එක්සත් රාජධානියේදී වූ අතර, 2002 සිට ඔවුන් ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කරයි. සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමේ හිමිකාරීත්වය මයූරන් නවරත්නසාමි සහ ආරුමුගම් නවරත්නසාමි වෙත සමසමව තිබේ. මෙහි විශේෂත්වයක් වනුයේ, 2018 සැප්තැම්බර් 18 වන විට මයුරන් සහ ඔහුගේ පියා අරුමුගම් නවරත්නසාමි යන දෙදෙනාම තවදුරටත් ස්මාර්ට් නෙට්වර්ක් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ ධුර නොදැරීමයි.
ව්‍යාපාර ආකෘති පත්‍රය
පුද්ගලික
නෛතික ආකෘති පත්‍රය
සීමිත වගකීම් සමාගම
ව්‍යාපාරික ක්ෂේත්‍රයන්
ඩිජිටල් විකාශන ජාලය
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භ කළ වසර
2015
ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්
ලංකාශ්‍රී අන්තර්ජාල අඩවිය ආරම්භ කිරීමේ ගෞරවය ලබාදී ඇත්තේ සිවඥාණම් ශ්‍රීකූගන් හටයි. සිවඥාණම් ශ්‍රීකූගන් යනු වර්තමාන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥාණම් ශ්‍රීදරන්ගේ සහෝදරයායි. සිවඥාණම් ශ්‍රීකූගන් ශ්‍රී ලංකාවේ කිලිනොච්චියේ ඉපදුණු අතර, වර්තමානයේ ස්විට්සර්ලන්තයේ ජීවත් වේ.
සේවා නියුක්තයින්
දත්ත නොමැත
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Smart Network (Pvt) Limited
No. 317/1/1, K.B. Christy Perera Mawatha, Colombo 13
Tel (Sri Lanka): +94 011 331 4421
Tel (United Kingdom): +44 208 133 8373
Tel (Switzerland): +41 435 080 178,
Tel (Canada): +1 647 694 1391
Tel (France): +33 182 880 284
Tel (Germany): +49 231 2240 1053
Tel (United States of America): +1 678 389 9934
Tel (Australia): +61 291 881 626
Email: lankasri@lankasri.com
Website: www.lankasri.com/srilanka
බදු අංකය/හඳුනා ගැනීමේ අංකය
PV106723
මූල්‍ය තොරතුරු
ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
කළමනාකාරීත්වය
විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්
මයූරන් නවරත්නසාමි - මයූරන් නවරත්නසාමි නැතිනම් සංජේ, 2003 වසරේ සිට ලංකා ශ්‍රී ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. ඔහුට සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමේ කොටස් 50% ක අයිතිය ඇත. ඔහු සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම හා සම්බන්ධ සීමාසහිත ලංකාශ්‍රී සමාගම, සීමාසහිත මැංගෝ ට්‍රී ටෙක්, සීමාසහිත සිඟිති, සීමාසහිත එරිත්මැට් නෙට්වර්ක් සහ සීමාසහිත ස්ටාර් මාර්කටින්ග් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් වැනි අනෙකුත් සමාගම් වලද අධ්‍යක්ෂ ලෙසින් ලැයිස්තුගත වී ඇතැයි එක්සත් රාජධානියේ සමාගම් මැදුර කියයි.
ආරුමුගම් නවරත්නසාමි - මයූරන් නවරත්නසාමිගේ පියා වන්නේ ආරුමුගම් නවරත්නසාමි වේ. ඔහු සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිනා අතර සමාගමේ කොටස් 50% කටද හිමිකම් කියයි.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම සඳහා නිල වෙබ් අඩවියක් නොමැත. මේ අතර එහි ආරම්භකයා හෝ වෙබ් අඩවි වල හිමිකාරීත්වය සම්බන්ධ තොරතුරු නිර්ණය කරගැනීම උදෙසා භාවිතා කළ ද්විතීයික මූලාශ්‍රයන්ද ප්‍රමාණවත් නොවුණි. එනිසා කොටස් හිමිකරුවන්ගේ තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා ලබා ගැනිණි. සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම පිළිබඳ ඇති වඩාත්ම මෑතකාලීන දත්ත වන්නේ 2017 වසර සඳහා වන තොරතුරු වේ. අධ්‍යක්ෂක තනතුරු වල වෙනස පිලිබඳ තොරතුරු ලබාගත්තේ 2018 සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගිනි.මෙහි ප්‍රොෆයිලයන් ගොඩනැංවීම සඳහා පරිශීලනය කොට ඇති යම් යම් මූලාශ්‍රයන්, එක්සත් රාජධානියේ සමාගම් මැදුරෙන් ලබාගෙන ඇත.