සීමාසහිත උපාලි පුවත්පත් (පුද්) සමාගම
1978 දී උපාලි විජේවර්ධන විසින් පිහිටුවනු ලැබූ සීමාසහිත උපාලි පුවත්පත් (පුද්) සමාගම, ඉංග්‍රීසි භාෂා පුවත්පතක් වන ද අයිලන්ඩ් සහ සිංහල භාෂා පුවත්පතක් වන දිවයින ප්‍රකාශයට පත් කරයි. සමාගම පිහිටුවනු ලැබුවේ 1978 දී වුවත්, දිවයින ඉරිදා සංග්‍රහය සහ සන්ඩේ අයිලන්ඩ් පුවත්පත් ආරම්භ වූයේ 1981 ඔක්‍තෝබර් මාසයේදී විණි. මෙම පුවත්පත් වල දිනපතා සංස්කරණයන් එයින් පසු වසරේදී ආරම්භ විණි. 1983 දී උපාලි විජේවර්ධන සිය පුද්ගලික ලියර් ජෙට් යානයෙන් මැලේසියාවේ සිට ලංකාවට පැමිණෙන්නට ගුවන් ගතවී සුළු මොහොතකින් අතුරුදන් වූ ඔහු මිය ගොස් ඇති බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. 1983 දී උපාලි විජේවර්ධනගේ අභාවයෙන් පසුව සමාගමේ හිමිකාරීත්වය ඔහුගේ බිරිඳ වන ලක්මිණි රත්වත්තේ වෙල්ගම වෙත පැවරිණි. මෙම සමාගම, උපාලි විජේවර්ධන විසින් පිහිටවූ බවට ප්‍රකාට ව්‍යාපාරයන් ගණනාවක් අතුරින් එකකි.
මවු සමාගම
සීමාසහිත උපාලි ඉන්වෙන්ස්ට්මන්ට් හෝල්ඩින්ග්ස්
ව්‍යාපාර ආකෘති පත්‍රය
පුද්ගලික
නෛතික ආකෘති පත්‍රය
පුද්ගලික සීමිත වගකීම් සමාගම
ව්‍යාපාරික ක්ෂේත්‍රයන්
ප්‍රකාශන, ගුවන් ගමන්, සංචාරක, ආහාර පාන, මෝටර් රථ
තනි හිමිකරු
වෙනත් මුද්‍රිත ප්‍රකාශනයන්
ද අයිලන්ඩ් (0.13%)
වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්
https://www.island.lk/
https://www.divaina.com/
ව්‍යාපාරය
පාරිභෝගික නිෂ්පාදන
උපාලි පාරිභෝගික නිෂ්පාදන (100%)
මෝටර් රථ වෙළඳාම්
උපාලි මෝටර් රථ සමාගම (100%)
උපාලි වෙළඳ සමාගම (100%)
සංචාරක
උපාලි ට්‍රැවල්ස් (4%)
රසකැවිලි
සිලෝන් චොකලට්ස් (85%)
සංස්ථානික සේවා
උපාලි කළමනාකරණ සේවා (100%)
ගුවන් ගමන්
උපාලි ගුවන් ගමන් සේවා (100%)
වායු සමීකරණ සේවා
උපාලි වායු සමීකරණ සේවා (100%)
මූල්‍ය
උපාලි ආයෝජන (100%)
ආහාර පාන
උපාලි ආහාර පාන (69%)
ප්‍රකාශන
උපාලි ප්‍රකාශන (100%)
සේවා
උපාලි එන්ටර්ප්‍රයිස් (79%)
කෘෂිකාර්මික
උපාලි නර්සරීස් (23%)
සාමාන්‍ය තොරතුරු
ආරම්භ කළ වසර
1978
ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්
උපාලි විජේවර්ධන විසින් 1978 දී සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගම ආරම්භ කරන ලදී. මෙම සමාගම මගින් 1981 දී දිවයින ඉරිදා පුවත්පත සහ අයිලන්ඩ් ඉරිදා පුවත්පත ප්‍රකාශනය ආරම්භ කරන ලදී. උපාලි විජේවර්ධන පවුලට රටේ පුවත්පත් මාධ්‍ය සමගින් සමීපව සම්බන්ධ වූ දීර්ඝ ඉතිහාසයක් තිබේ. උදාහරණ ලෙසින් දක්වන්නේ නම් උපාලිගේ ඥාති සහෝදරයා වූ රංජිත් විජේවර්ධන විසින් සීමාසහිත විජය පුවත්පත් සමාගම ආරම්භ කොට එහි සභාපතිවරයා ලෙසින් සේවය කරන්නට යෙදිණි. 1983 දී උපාලි විජේවර්ධන සිය පුද්ගලික ලියර් ජෙට් යානයෙන් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබියදී, ගුවන්ගත වී සුළු වේලාවකින් අතුරුදන් වූ අතර, ඊට සිදුවූ දෙයක් අද වන තුරුත් සොයාගැනීමට නොහැකි වුවද ඔහු නීතිමය වශයෙන් අභාවප්‍රාප්ත වූ බවට ප්‍රකාශ කෙරිණි.
සේවා නියුක්තයින්
දත්ත නොමැත
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Divaina Newspapers
No. 223, Bloemendhal Road, Colombo 13
Email: divaina@unl.upali.lk
Tel: +94 11 249 9750, +94 11 234 5243
Website: divaina.com/daily/
බදු අංකය/හඳුනා ගැනීමේ අංකය
PV8654
මූල්‍ය තොරතුරු
ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
කළමනාකාරීත්වය
විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්
ලක්මිණි රත්වත්තේ - බහුතර කොටස් හිමිකරු වන අතර, ඇය උපාලි පුවත්පත් සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙසින් කටයුතු කළ අභාවයට පත් දොස්තර සීවලී රත්වත්තේගේ දියණියද වේ.
නිමල් වීරසිරි වෙල්ගම - කොටස් හිමිකරුවෙකි, උපාලි පුවත්පත් හි කළමනාකාර අධ්යක්ෂ සහ ලක්මිණි රත්වත්තේගේ ස්වාමිපුරුෂයා වේ.
අනුලා ආටිගල - අධ්යක්ෂ මණ්ඩල සභික
සුධම්මික කේමිධ ආටිගල - හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සහකාර සන්නාම කළමනාකාර ලෙසින් කටයුතු කරයි.
ජුලියස් අසෝක ඩියුක් ලැනරෝල් - අධ්යක්ෂ මණ්ඩල සභික
ලහිරු ගුණසේකර - අධ්යක්ෂ මණ්ඩල සභික
දෙහිවලගේ ඇන්තනි ලක්ෂ්මන් පෙරේරා - අධ්යක්ෂ මණ්ඩල සභික
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔස්සේ එක් රැස් කොටගෙන ඇත. කොටස්කරුවන් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුවක් 2017 සඳහා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ගොනු කොට ඇත. සීමාසහිත උපාලි ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස් සමාගම් සමූහය ආරම්භ වී ඇත්තේ 1960 දී බව මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම පුවත් ඔස්සේ ස්ථිර කොටගන්නා ලදී. උප සමාගම් හා අනුබද්ධ සමාගම් සමගින් සීමාසහිත උපාලි ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස් හි හිමිකාරීත්ව කොටස් පිළිබඳව සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ගොනුවී ඇත. කෙසේ වුවත් සීමාසහිත උපාලි ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස් සඳහා සහ එහි බොහෝ උප සමාගම් සඳහා වෙබ් අඩවි නොමැති බැවින්, මෙම ඇතැම් සමාගම් විහිදී ඇති කර්මාන්තයන් කර්මාන්ත ක්ෂේත්‍රයන් මොනවාදැයි පැහැදිලි නැත.