ලංකා සී නිව්ස්

ලංකා සී නිව්ස් යනු දේශපාලනික හා දේශපාලනික නොවන ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කරනා සිංහල භාෂා වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවියේ හිමිකාරීත්වය හෙළි නොවී පැවතියත්, පුවත්පත් වාර්තාවන් සහ ශාස්ත්‍රීය වාර්තාවන් මගින් මෙහි හිමිකාරීත්වය ජාතික නිදහස් පෙරමුණේ (NFF) නායක විමල් වීරවංශ හා සම්බන්ධ වන බවට පුළුල්ව සැලකී ඇත. 2017 දී ග්‍රවුන්ඩ් වීව්ස් මගින් ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් යොමු කරන්නට යෙදුණේ, 2015 ජනවාරි සිට 2017 නොවැම්බර් දක්වා වෙබ් අඩවි ගණනාවක් වෙත ප්‍රවේශය අවහිර කොට තිබීම පසුපස ඇති හේතු කාරණාවන් දැනගැනීම සඳහායි. එහිදී එම ඉල්ලීම වෙත ලැබුණු ප්‍රතිචාරය මගින් හෙළිදරවු වූයේ, වෙබ් අඩවි 13 කින් ලංකා සී නිව්ස් ඇතුළු වෙබ් අඩවි 4 ක් සඳහා ප්‍රවේශය අවහිර කොට තිබුණේ "සාවද්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කිරීම හා ජනාධිපතිගේ කීර්ති නාමයට හානි කිරීම" යන චෝදනාව යටතේ වන බවයි.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
දත්ත නොමැත
හිමිකාරීත්ව ආකාරය
පුද්ගලික
භූගෝලීය ආවරණය
ජාත්‍යන්තර
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ
හිමිකාරීත්ව ව්‍යුහය
දත්ත නොමැත
ඡන්ද අයිතිවාසිකම්
දත්ත නොමැත
සමූහය / තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
දත්ත නොමැත
ආරම්භකයා
දත්ත නොමැත
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
දත්ත නොමැත
ප්‍රධාන විධායක නිලධාරී
දත්ත නොමැත
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
දත්ත නොමැත
ප්‍රධාන කර්තෘ
දත්ත නොමැත
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
දත්ත නොමැත
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
විමල් වීරවංශ යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ (NFF) නායකද වේ. ඊට පෙර ඔහු වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ (JVP) සාමාජිකත්වය දරන ලදී. පාර්ලිමේන්තුව තුළ ඔහු තිරසර සංවර්ධනය හා පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සහ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකත්වය දරා කටයුතු කරයි. ශාස්ත්‍රීය ලෝකය මෙන්ම පුවත්පත් වාර්තාද ලංකා සී නිව්ස් හි හිමිකාරීත්වය ඔහුගේ බව සනාථ කිරීම හෝ ඔහු ලංකා සී නිව්ස් හා සමීප සම්බන්ධතාවයක් පවත්වන බව සනාථ කරයි. කෙසේ වෙතත් මෙම වෙබ් අඩවිය සහ විමල් වීරවංශ අතර සෘජු සම්බන්ධතාවයක් සොයා ගැනීමට මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ කණ්ඩායම අපොහොසත් විණි.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
ලංකා සී නිව්ස් මගින් එහි ආරම්භකයා, ආරම්භක වර්ෂය, හිමිකාරීත්ව ව්‍යුහය හෝ ප්‍රමාණවත් සම්බන්ධ කර ගැනීමේ තොරතුරු ලබා නොදේ. එනිසා මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම මගින් ද්විතීයික මූලාශ්‍රයන් සඳහන් කොට ඇත. ප්‍රවෘත්ති වෙබ් අඩවි සහ බ්ලොග් සටහන් කිහිපයක්ම මගින් මෙහි හිමිකරු ලෙසින් සෘජුවම විමල් වීරවංශගේ නම සඳහන් කොට තිබුණද, මෙම මූලාශ්‍රයන්ගේ විශ්වාසනීයත්වය ගැටළුවට කරුණක් වෙයි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම මගින් ලංකා සී නිව්ස් හි හිමිකාරීත්වය පිළිබඳව පවත්නා කතිකාවන්ට උදාහරණ ලෙසින් ශාස්ත්‍රීය ප්‍රකාශන දෙකක් හා පුවත්පත් වාර්තාවන් දෙකක් සඳහන් කොට ඇත. කතුවරයෙකු හා මහාචාර්යවරයෙකු වන නීරා වික්‍රමංසිංහ විසින් මෙම වෙබ් අඩවියේ හිමිකරු විමල් වීරවංශ වන බව සඳහන් කර ඇත. මේ අතරවාරයේදී ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් ප්‍රකාශ කොට ඇත්තේ මෙම වෙබ් අඩවිය විමල් වීරවංශයේ ආධාරකරුවන් විසින් මෙහෙයවන බවයි. රජයට අයත් පුවත්පතක් වන සන්ඩේ ඔබ්සර්වර් විසින් ලියා තිබුණේ ලංකා සී නිව්ස් වෙබ් අඩවිය "අයිතිය සහ මෙහෙයවීම විමල් වීරවංශගේ" බවයි. එසේම සන්ඩේ ටයිම්ස් මගින් ප්‍රකාශ කොට තිබුණේ, මෙම වෙබ් අඩවිය "ඔහු [විමල් වීරවංශ] විසින් මෙහෙයවන බවට පතළ" බවයි. කෙසේ වුවත් මේ පිළිබඳව විශ්වාසනීය තොරතුරු හිඟ වීම නිසාවෙන්, මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම මගින් මෙහි හිමිකරුවෙකු දක්වා නොමැත.
මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය
Sri Lanka in the Modern Age: A History by Nira Wickramasinghe (2014), Google Books, Accessed on 3 October 2018