රොෂාන්ත කාරියප්පෙරුම
සියත ටීවී අයත් වන්නේ සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් (පුද්) සමාගමට වන අතර, එහි හිමිකාරීත්වය දරන්නේ රොෂාන්ත කාරියප්පෙරුම වේ. රොෂාන්ත කාරියප්පෙරුමගේ සහෝදරයා වන ප්‍රියන්ත කාරියප්පෙරුම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයාද වේ.රොෂාන්ත කාරියප්පෙරුම විවාහ වී සිටින්නේ සංගීතා වීරරත්න නම් ප්‍රසිද්ධ නිළියටය.
පවුලේ අය හා මිතුරන්
පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
සංගීතා වීරරත්න - රොෂාන්ත කාරියප්පෙරුමගේ බිරිඳ වන ඇය ශ්‍රී ලංකාවේ රංගන ශිල්පිණියකි.
ප්‍රියන්ත කාරියප්පෙරුම - රොෂාන්ත කාරියප්පෙරුමගේ සහෝදරයා වන ප්‍රියන්ත කාරියප්පෙරුම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයා වේ. සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් (පුද්) සමාගමේ සම-ආරම්භකයාද ඔහු වේ.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සීමාසහිත වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්කින්ග් (පුද්) සමාගමේ නිල වෙබ් අඩවියේ ඔවුන්ගේ කළමනාකාරීත්ව ව්‍යුහය පිළිබඳව ඇත්තේ සීමිත තොරතුරු ප්‍රමාණයකි. එනිසා තොරතුරු ලබාගැනීමට ද්විතීයික මූලාශ්‍ර පරිශීලනය කිරීමට සිදුවිණි. සමාගමේ හිමිකාරීත්වය සම්බන්ධ තොරතුරු මෙන්ම මූල්‍යමය තොරතුරුද ලබාගැනීමට නොතිබුණි. එම තොරතුරු ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙනි.