ෂා එෆ් එම්
සිංහල භාෂාවෙන් විකාශන කටයුතු සිදුකරන ගුවන් විදුලි නාලිකාවක් වන ෂා එෆ් එම්, ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන අතර, එය සීමාසහිත රේනෝ සිල්වා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ උප සමාගමක් වන සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගම මගින් පාලනය කෙරෙන බව මෙම සමාගම් දෙකේම නිල වෙබ් පිටුවල සඳහන් වේ. ABC ජාලය මගින් හිරු එෆ් එම්, ගෝල්ඩ් එෆ් එම්, සන් එෆ් එම්, සූරියන් එෆ් එම් සහ හිරු ටීවී ඇතුළු තවත් විකාශන ආයතන කිහිපයක්ම පාලනය කෙරේ. තම සහෝදර ගුවන් විදුලි නාලිකාවන් සේම ෂා එෆ් එම් ද ප්‍රවෘත්ති වැඩසටහන් සහ විවිධ සංවාද වැඩසටහන් ඉදිරිපත් කරයි.
2007 දී ශ්‍රී ලංකා රජය මගින් ABC ජාලයේ ගුවන් විදුලි විකාශන බලපත්‍රයන්, විරෝධතාවයන් දෙකක් ඔස්සේ අත්හිටුවීමට යෙදුණි. පළමුව, ABC ගුවන් විදුලි විකාශන බලපත්‍රයන් නිකුත් කෙරුණේ 1995 නොවැම්බර් 17 වුවත්, සමාගම සංස්ථාපනය කෙරී ඇත්තේද නොවැම්බරයේදීයි. දෙවෙනුව, රටේ සන්නද්ධ ගැටුම් පවත්නා කාලය තුළදී ABC ගුවන් විදුලි විකාශයන් මගින් සාවද්‍ය වාර්තාවන් විකාශය කොට තිබිණි. පසුව ABC ආයතනය මගින් කණගාටුව ප්‍රකාශ කිරීමක් නිකුත් කොට, එම සාවද්‍ය වාර්තාව නිවැරදි කිරීමට උත්සාහ ගත්තේ වුවද, රජය විසි එම අත්හිටුවීම වෙනස් නොකළේ එය වාර්තාගත වූ අන්දමට "ප්‍රකාශන නිදහස බරපතළ ලෙසින් උල්ලංඝනය කිරීමක්" ලෙසින් සලකමිනි. තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ABC සමාගමෙන් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභා කොට, එහි සභාපති රේනෝ සිල්වා හට රුපියල් 250,000 (එක්සත් ජනපද ඩොලර් 2,259.99) ක මුදල් ඇපයක් ගෙවන ලෙසින් නියම කොට සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ පෙත්සමක් ඉදිරිපත් කිරීමේ වරදටයි. වාර්තා වන අන්දමට, එම පෙත්සම මගින් ABC මගින් විකාශය කළ මුල් සාවද්‍ය ප්‍රවෘත්ති වාර්තාව යටපත් කොට තිබිණි. කෙසේ වුවත් රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් (RSF), නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) වැනි ජනමාධ්‍ය සම්බන්ධ කණ්ඩායම් කිහිපයක්ම මෙම අත්හිටුවීම පුළුල්ව හෙළා දැක තිබිණි.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
3.93%
හිමිකාරීත්ව ආකාරය
පුද්ගලික
භූගෝලීය ආවරණය
ජාතික
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ විකාශය කරනු ලබන
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගම
හිමිකාරීත්ව ව්‍යුහය
ෂා එෆ් එම් හිමිකාරීත්වය ඇත්තේ සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමට වන අතර එය සීමාසහිත රේනෝ සිල්වා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ උප සමාගමක් ලෙසින් දැක්විය හැක. සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය 150,064,370 ක් වන අතර, 2018 දී සීමාසහිත මීඩියාකෝ ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම මගින් කොටස් 85,536,691 ක් අත්පත් කරගන්නා තුරු සමාගමේ පූර්ණ කොටස් හිමිකාරීත්වය තිබුණේ සීමාසහිත ස්කයිලයින් පැසිෆික් රියල් එස්ටේට් (පුද්) සමාගමට වේ. මෙහිදී සැලකිය යුතු වන්නේ සීමාසහිත ස්කයිලයින් පැසිෆික් රියල් එස්ටේට් (පුද්) සමාගම සම්පූර්ණයෙන්ම අයත් වන්නේ සිල්වා පවුලට බවයි. වෙන් වෙන්ව දක්වන්නේ නම් සභාපත් රේනෝ සිල්වා (33.33%), ඔහුගේ මව (33.33%), ඔහුගේ පියා (33.33%) අතර හිමිකාරීත්වය බෙදී ඇත.
ඡන්ද අයිතිවාසිකම්
දත්ත නොමැත
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
2002
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
මෙම ගුවන් විදුලි ආයතය අයත් වන්නේ සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමට වන අතර, එහි හිමිකාරීත්වය දරන්නේ රේනෝ සිල්වා විසින් වේ. රේනෝ සිල්වා යනු ශ්‍රී ලංකාවේ විකාශන මාධ්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය ව්‍යාපාරිකයෙකි. ඔහු, රටේ විශාලතම ගුවන් විදුලි ජාලය ලෙසින් පවතින සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ සභාපතිවරයා වේ. ඔහු ඒබීසී ජාලය පවරාගත්තේ, එක්සත් රාජධානිය පදනම් කොටගත් සන්රයිස් සමූහය එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් නවතා දැමීමෙන් පසුවයි. රෙනෝගේ සොයුරු වින්සන්ට් සිල්වා සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාද රේනෝගේ සහෝදරයෙකි. දුමින්ද සිල්වා මේ වනවිට, තමන්ට සහ තවත් සිවු දෙනෙකුට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් නියම වී ඇති මරණ දඬුවම සඳහා කොළඹ මහාධිකරණයේ අභියාචනය කර ඇත.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
වින්සන්ට් සිල්වා සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. ඔහු සමාගමේ සභාපති රෙනෝ සිල්වාගේ සහ මේ වනවිට, තමන්ට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් නියම වී ඇති මරණ දඬුවම සඳහා කොළඹ මහාධිකරණයේ අභියාචනය කර සිටිනා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සහෝදරයා වේ. එසේම වින්සන්ට්, 2018 මාර්තු වන තුරු සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමේ එකම කොටස් හිමිකරු ලෙසින් කටයුතු කළ සීමාසහිත ස්කයිලයින් පැසිෆික් රියල් එස්ටේට් (පුද්) සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින්ද කටයුතු කරයි.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
කෙවින් නදීර සිල්වා - නාලිකා ප්‍රධානී
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
හිරු ටීවී, හිරු එෆ් එම් සහ ෂා එෆ් එම් හි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙසින් සුදේව හෙට්ටිආරච්චි කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ලෝකයට පිවිසියේ ලංකා ගුවන් විදුලියේ 'ළමා පිටියේ' හඬ කැවීම් ශිල්පියෙකි ලෙසින් කටයුතු කරමින් කුඩා වයසේදීම වේ. ඔහු 1998 දී සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමට එක් වෙයි. වාර්තා වන ආකාරයට හිරු එෆ් එම් හි උදෑසන වැඩසටහනේ ආරම්භක නිවේදකයා වන්නේද ඔහුයි.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Asia Broadcasting Corporation (Pvt) Limited
No. 35th Floor, East Tower, World Trade Center, Colombo 1
Tel: +94 112 686 670 / 114 385 882
Email: md@asiabroadcasting.lk
Website: www.shaafm.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
ෂා එෆ් එම් නිල වෙබ් අඩවිය මගින් විකාශන ආයතනයේ හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු ලබා නොදේ. කෙසේ වුවත් විකාශන ආයතනය පිළිබඳ කෙටි හැඳින්වීමක් එම නිල වෙබ් අඩවියේ සඳහන් වේ. පොදුවේ ගත් කළ, විකාශන ආයතනය පිළිබඳව ලබාගැනීමට ඇත්තේ සීමිත තොරතුරු ප්‍රමාණයකි. සමාගමේ හිමිකාරීත්ව ව්‍යුහය පිළිබඳ තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔස්සේ ලබාගෙන ඇත. ශ්‍රාවක ප්‍රතිශතය සම්බන්ධයෙන් වූ දත්ත, වසර 2017 සඳහා ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගන්නා ලදී. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි. මිල ගණන් එක්සත් ජනපද ඩොලරයට පරිවර්තනය කීරීම සඳහා, 2007 වසර සඳහා මහ බැංකුවේ සාමාන්‍ය විනිමය අනුපාතිකය භාවිතා කොට ඇත.