සන්ඩේ ඔබ්සර්වර්
රජයට අයත් සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) මගින් ප්‍රකාශයට පත් කරනා සතිපතා ඉංග්‍රීසි පුවත්පතක් ලෙසින් සන්ඩේ ඔබ්සර්වර් හැඳින්විය හැක. ලේක් හවුස් ආයතනයේ කොටස් හිමිකාරීත්වය මේ වනවිට 99% ක් ම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුව විසින් දරා සිටී. ඊට අමතරව ආයතන 10 ක් සහ පුද්ගලයින් 88 ක් මෙහි කොටස් හිමිකාරීත්වය දරයි. සන්ඩේ ඔබ්සර්වර් යනු ශ්‍රී ලංකාවේ අලෙවියේ ඇති පැරණිතම පුවත්පත ලෙසින් සැලකේ. එය මුලින්ම ප්‍රකාශයට පත්වන්නේ 1834 දී වන අතර පසුව එය කලම්බු ඔබ්සර්වර් යනුවෙන් නැවත නම් කෙරේ. මේ, වර්තමානයේදී මහජනතාවට නිල දැනුම්දීම් කිරීමට ප්‍රකාශයට පත්වූවත්, මූලිකවම බ්‍රිතාන්‍ය පාලනය මගින් පුවත්පතක් ලෙසින් ප්‍රකාශ කර බෙදා හැරුණු රජයේ ගැසට් පත්‍රයට අමතරව සැලකූ විට වේ. සන්ඩේ ඔබ්සර්වර් හි පාඨක ප්‍රතිශතය 1.25% ක් වන අතර, දේශීය දේශපාලන පුවත්, ජාත්‍යන්තර පුවත්, ක්‍රීඩා, විනෝදාස්වාද හා ව්‍යාපාරික යන තේමා ඔස්සේ අන්තර්ගතයන් මෙයින් ප්‍රකාශ කෙරේ. මෙහි දිනපතා සංස්කරණය වන ඩේලි නිව්ස් වෙත 0.32% ක පාඨක ප්‍රතිශතයක් ඇති අතර, වඩාත් වැඩියෙන් කියවනු ලබන ඉංග්‍රීසි දිනපතා පුවත්පතද වේ.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
2.75%
හිමිකාරීත්ව ආකාරය
රජයට අයත්
භූගෝලීය ආවරණය
ජාතික
අන්තර්ගතයන් මාදිලිය
මුදල් ගෙවා ලබාගන්නා
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL)
හිමිකාරීත්ව ව්‍යුහය
සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත ප්‍රකාශයට පත් කෙරෙන්නේ රජයට අයත් ආයතනයක් වන සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පතර් සමාගම නැතිනම් ලේක් හවුස් මගිනි. මූලිකවම ලේක් හවුස් ආයතනය ඩී.ආර්.විජේවර්ධන විසින් පිහිටුවනු ලැබූ අතර, එහි පුවත්පත් ප්‍රකාශනයන් 7 ක් වෙයි. 1956 වසරේ ඔහුගේ මරණින් පසුව, එහි කර්තෘ ප්‍රතිපත්ති පාලනය කරන්නට යෙදුණේ ඔහුගේ බෑණා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ විසිනි. 1973 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් අංක 28 දරණ ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර (විශේෂ විධිවිධාන) පනත මගින් මෙම ආයතනය රජයට පවරා ගන්නට කටයුතු කරන ලදී. එහි පළමු සභාපතිවරයා ලෙසින් ඒ.කේ.ප්‍රේමදාස පත්කරනු ලැබිණි. වර්තමානයේ මෙහි කොටස් හිමිකරුවන් 99 ක් සිටිනා අතර, ඊට මහා භාරකාර දෙපාර්තමේන්තුව, ආයතන 10 ක් සහ පුද්ගලයින් 88 ක් ඇතුළත් වේ. මෙම පුද්ගලයින් 88 දෙනාට ලේක හවුස් ආරම්භකයාට ඥාතීත්වය ඇති සාමාජිකයින් කිහිප දෙනෙකු ඇතුලත් වන අතර, 0.19% කොටස් හිමි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහද ඒ අතර සිටී. වැඩිම කොටස් ප්‍රමාණයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුවටයි. මහා භාරකාර දෙපාර්තමේන්තුව අයත් වන්නේ, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විෂය පථයටයි.
ඡන්ද අයිතිවාසිකම්
දත්ත නොමැත
තනි හිමිකරු
සමූහය / තනි හිමිකරු
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
1961 අංක 28 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපනය කෙරුණු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකාවේ ජාතික තෙල් සහ ගෑස් සමාගම ලෙසින් ක්‍රියාත්මක වේ.
සීමාසහිත ශ්‍රී ලංකා නැව් සංස්ථාව
සීමාසහිත ශ්‍රී ලංකා නැව් සංස්ථාව 1971 අංක 11 දරණ ලංකා නැව් සංස්ථා පනත යටතේ ස්ථාපිත කෙරිණි. එය 1971 දී ස්ථාපනය කෙරුණත්, සම්පූර්ණයෙන්ම රාජ්‍ය හිමිකාරීත්වය ඇති සමාගමක් ලෙසින් සංස්ථාගත කෙරුණේ 1992 දී වේ.
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
1928
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
දොන් රිචඩ් විජේවර්ධන නැතිනම් ඩී.ආර්.විජේවර්ධන ලේක්හවුස් පුවත්පත් ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරයේද ප්‍රමුඛ චරිතයක් විණි. ඔහු ලංකා ජාතික සංගමයේ ලේකම් ලෙසින් තේරී පත්වීමෙන් අනතුරුව, 1913 දී දේශපාලන පිටියට පිවිසිණි. 1914 දී විජේවර්ධන විසින් ඔහුගේ සහෝදරයාද සමග සිංහල භාෂා දිනපතා පුවත්පතක් වූ දිනමිණ අත්පත් කොටගත් අතර, ඉන් අනතුරුව දිනපතා ඉංග්‍රීසි භාෂා පුවත්පතක් වූ දි සිලෝනීස් ද අත්පත් කොටගෙන, එය 'සිලෝන් ඩේලි නිව්ස්' ලෙසින් නැවත නම් කරන ලදී. ඉන් පසුව දමිළ භාෂා දිනපතා පුවත්පතක් තිනකරන්ද ආරම්භ විණි. 1926 දී මෙම පුවත්පත් සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL) යටතේ ඒකාබද්ධ කෙරිණි. මෙම ආයතනය වර්තමානයේදී රජයට අයත් වන අතර, ඩේලි නිව්ස්, දිනමිණ, තිනකාන්, රැස, සන්ඩේ ඔබ්සර්වර්, සිළුමිණ හා වාරමංජරී යන පුවත්පත් හත ප්‍රකාශයට පත් කරයි.
පහත සඳහන් වන ප්‍රකට පුද්ගලයින් විජේවර්ධන හට ඥාතීත්වය දක්වයි:
රංජිත් විජේවර්ධන යනු ඩී.ආර්.විජේවර්ධනගේ පුත්‍රයා වන අතර, ඔහු සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ආරම්භකයා සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ.
රුවන් විජේවර්ධන යනු ඩී.ආර්.විජේවර්ධනගේ මුණුපුරා වන අතර, වර්තමාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වේ.
රනිල් වික්‍රමසිංහ යනුද ඩී.ආර්.විජේවර්ධනගේ මුණුපුරෙකු වේ. ඔහු වර්තමානයේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයාද වේ.
ශාන් වික්‍රමසිංහ, රනිල් වික්‍රමසිංහගේ සොයුරා වන අතර, ඔහු මාධ්‍ය ආයතනයක් වූ සීමාසහිත ටෙල්ෂාන් නෙට්වර්ක්ස් (පුද්.) සමාගමේ (TNL) සභාපතිවරයා වේ.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ නැතිනම් ක්‍රිෂාන්ත කුරේ යනු සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL නැතිනම් ලේක්හවුස්) වර්තමාන සභාපතිවරයා වේ. මින් පෙර ඔහු සෙලින්කෝ සමූහයේ, රිචර්ඩ් පීරිස් සමූහයේ සහ සීමාසහිත ද කැපිටල් මහාරාජා සංවිධානයේ විධායක තනතුරු දැරූ අතර, අවසානයට සඳහන් සමාගමේ රූපවාහිනී හා ගුවන් විදුලි ආයතනයන්හි ප්‍රවෘත්ති විකාශනයන් මෙහෙයවන්නට යෙදිණි. වාර්තා වන ආකාරයට ඔහු රිචර්ඩ් පීරිස් සමූහය යටතේ සීමාසහිත රිවිර මීඩියා කෝපරේෂන් (පුද්.) සමාගම පිහිටුවීමේදීද ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළ අතර, එහි ආරම්භක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ලෙසින්ද කටයුතු කරන්නට යෙදිණි. ද නේෂන් සහ රිවිර පුවත්පත් දියත් කෙරුණේ ඔහුගේ මග පෙන්වීම යටතේ විණි. 2017 දී රිවිර මගින් එහි ඉංග්‍රීසි භාෂා පුවත්පත වූ ද නේෂන් නවතා දමන්නට කටයුතු කරන ලදී.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
ධරීෂා බැස්ටියන්ස් සන්ඩේ ඔබ්සර්වර් කර්තෘ තනතුර දරණ අතර, ශ්‍රී ලංකාවේ විදේශ වාර්තාකරුවන්ගේ සංගමයේ (FCA) සාමාජිකයෙකුද වේ. ඇය මෙයට පෙර ඩේලි මිරර්, ඩේලි ෆයිනෑන්ෂල් ටයිම් (ඩේලි එෆ්ටී), සිලෝන් ටුඩේ සහ ද නේෂන් වැනි ඉංග්‍රීසි භාෂා පුවත්පත් කිහිපයකම කටයුතු කර ඇත. එසේම ඇය ශ්‍රී ලංකාවේ නිව්යෝර්ක්ස් ටයිම් වාර්තාකරුද වේ. ශ්‍රී ලංකාවේ සන්නද්ධ අරගලය අතරේ කළ වාර්තාවන් සම්බන්ධයෙන් ධරීෂාට පුළුල් ප්‍රසිද්ධියක් ඇත.
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
ආනන්ද කුමාර් - නියෝජ්‍ය කර්තෘ
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
No 35, D.R. Wijewardena Mawatha, Colombo 10
General: 011 2 429 429, 011 2 421 181, 011 2 331 181
Email: info@lakehouse.lk
Website: www.sundayobserver.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සන්ඩේ ඔබ්සර්වර් නිල වෙබ් අඩවියේ ප්‍රකාශන ආයතනය සහ එහි සංවිධාන ආකෘතිය පිළිබඳ තොරතුරු තිබුණේ සුළු වශයෙනි. බොහෝ දත්ත උකහා ගන්නට යෙදුණේ, සන්ඩේ ඔබ්සර්වර් අයත් සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක් හවුස්) නිල වෙබ් අඩවියෙන් මෙන්ම සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙනි. වඩාත්ම මෑතකාලීන දත්ත ඇත්තේ වසර 2016 සඳහා වේ. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.