This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2025/07/17 at 21:38
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

ලංකා ශ්‍රී නිව්ස්

මෙම පැතිකඩ 2025 පෙබරවාරි මාසයේ යාවත්කාලීන කරන ලදි

ලංකා ශ්‍රී හි බොහෝ අංශයන් ලියාපදිංචි වී ඇත්තේ, සැලකිය යුතු දමිළ කථා කරනා ඩයස්පෝරා ප්‍රජාවන් සිටිනා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, කැනඩාව, එක්සත් රාජධානිය, ප්‍රංසය හා ජර්මනිය වැනි රටවල වේ. ඊට අමතරව Cinedaddy, Tamil Focus, Tamilwin, Cineulagam, Hi2cinema, Manithan, Lankasri Bucket, Lankasri Topic, Lankasri FM, Lankasri TV, Orupoint, Lankasri Connect, CanadaMirror, JVP News සහ Kallarai වැනි එහි සහෝදර වෙබ් අඩවි වෙතද සබැඳි ලබාදේ. ලංකා ශ්‍රී නිල වෙබ් අඩවියට අනුව මෙම සමාගම ලියාපදිංචි වී ඇත්තේ 2001 නොවැම්බරයේ වුවත්, එහි මෙහෙයුම් අරඹා ඇත්තේ 2002 ජනවරියේ වේ. 2015 ජූනි 22 දින මෙහි ශ්‍රී ලංකා අංශය, සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම වෙත ඇතුළත් කෙරිණි.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

දත්ත නොමැත

හිමිකාරීත්ව ආකාරය

පුද්ගලික

භූගෝලීය ආවරණය

ජාත්‍යන්තර

අන්තර්ගතයන් මාදිලිය

නොමිලේ අන්තර්ගතයන්

මාධ්‍ය සමාගම්/සමූහයන්

සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

ත්‍යාගරාජන් රාජන් සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමෙහි තනි හිමිකරු වේ.

ඡන්ද අයිතිවාසිකම්

දත්ත නොමැත

තනි හිමිකරු

මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

2002

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

ලංකාශ්‍රී අන්තර්ජාල අඩවිය ආරම්භ කිරීමේ ගෞරවය ලබාදී ඇත්තේ සිවඥාණම් ශ්‍රීකූගන් හටයි. සිවඥාණම් ශ්‍රීකූගන් යනු වර්තමාන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥාණම් ශ්‍රීදරන්ගේ සහෝදරයායි. සිවඥාණම් ශ්‍රීකූගන් ශ්‍රී ලංකාවේ කිලිනොච්චියේ ඉපදුණු අතර, වර්තමානයේ ස්විට්සර්ලන්තයේ ජීවත් වේ. සිවඥාණම් පවුලේ බොහෝ සාමාජිකයින් ජීවත් වන්නේ යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේයි.

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Smart Network (Pvt) Limited

No. 295-4/1, George R De Silva Mawatha, Colombo 13

Tel: Sri Lanka: +94 11 331 4421, United Kingdom: +44 208 133 8373, Switzerland: +41 435 080 178, Canada: +1 647 694 1391, France: +33 182 880 284, Germany: +49 231 2240 1053, United States of America: +1 678 389 9934, Australia: +61 291 881 626

Email: lankasri@lankasri.com

Website: www.lankasri.com/srilanka/

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

ලංකාශ්‍රී නිර්මාතෘ, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ එහි සංවිධාන ව්‍යුහය පිළිබඳ කිසිදු විස්තරයක් ලංකා ෂශ්‍රී වෙබ් අඩවිය සහ ඊට අදාළ වෙබ් අඩවි සපයන්නේ නැත. එමෙනම, සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම හට නිල වෙබ් අඩවියක් නොමැත. එබැවින්ා, මෙම දත්ත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම විසින් සපයන ලද පරිදි, ප්‍රසිද්ධියේ ලබා ගත හැකි ද්විතීයික මූලාශ්‍ර සහ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව වෙත ගොනු කරන ලද තොරතුරුවල සහතික කළ පිටපත් ඇසුරෙන් ලබා ගැනුණි. එහිදී, 2023 වර්ෂය සඳහා නවතම හිමිකාරිත්ව තොරතුරු ලැයිස්තුගත කර ඇති අතර, 2021 වර්ෂය සඳහා අධ්‍යක්ෂවරුන්ගේ වෙනස්කම් වාර්තා කර ඇත.

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ