සීමාසහිත ඊ ඒ පී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගම
සීමාසහිත ඊ ඒ පී බ්‍රෝඩ්කාස්ටින්ග් කම්පැණි නැතිනම් 2013 දක්වා ඊ ඒ පී නෙට්වර්ක්ස් ලෙසින් සඳහන් වූ සමාගම මඟින් රූපවාහිනී මෙන්ම ගුවන් විදුලි නාලිකාවන්ද පාලනය කරයි. සමාගම යටතේ ඇති රූපවාහිනී නාලිකාවන් වන්නේ ස්වර්ණවාහිනී සහ ඊ ටීවී වේ. සමාගම යටතේ ඇති ගුවන් විදුලි නාලිකා වන්නේ ශ්‍රී එෆ් එම්, ඊ එෆ් එම් හා රන් වන් එෆ් එම් (RanOne FM) වේ. 2016 දෙසැම්බර් මාසයේදී සමාගමේ කොටස් වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ඊඒපී සමූහ ව්‍යාපාර යටතේ ඇති මූල්‍ය සමාගමක් වන සීමාසහිත ඊ ටී අයි ෆිනෑන්ස් වෙත පවරන ලදී. කෙසේ වුවත් 2017 මාර්තුවේදී ඊ ටී අයි ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියන 17.5 ක හිඟයක් වාර්තා කරන ලදී. මෙම මූල්‍ය අර්බුදය කරණ කොට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම වසර මුල් භාගයේදී මවු සමාගම වන ඊ ඒ පී හෝල්ඩින්ග්ස් හි පාලනය සියතට ගන්නා ලදී. එයින් පසුව ඊ ඒ පී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගම ඇතුළු ඊ ඒ පී හෝල්ඩින්ග්ස් හි යම් යම් උප සමාගම් විකුණා දැමිණි.
ජයා සුධීර් ජයරත්නම් විසින් ඊ ඒ පී බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් සිංගප්පූරුව පසුබිම් කොටගත් සමාගමක් වන Straits Grid Pte. Limited වෙත විකිණීම වෙනුවෙන් කේවෙල් කරමින් සිටි බව වාර්තා වූ නමුත්, එය සීමාසහිත බෙන් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම සහ සිංගප්පූරුව පසුබිම් කොටගත් සීමාසහිත බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් (පුද්) සමාගම වෙත විකුණා දැමිනි. සීමාසහිත බෙන් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ හිමිකාරීත්වය ඇලෙක්සිස් ඉන්ද්‍රජිත් ලොවෙල් හට ඇති අතර, බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් (පුද්) සමාගමේ අයිතිය පෘතුගාලය පදනම් කොටගත් සමාගමක් වන Pettigo Comercio Internacional Lda වෙත තිබේ.
2015 දී Pettigo Comercio Internacional Lda මගින් lycamovie.com ඩොමේන් නාමයේ අයිතිය නැවත හිමිකරගන්නා ලදී (හිමිකම් අංකය: FA1507001627362) මෙම ඩොමේන් නාමය, යටතේ ලියාපදිංචි වෙළෙඳ සලකුණු වලින් එකක් වේ. අනෙක් වෙළෙඳ සලකුණු වලට Lycamobile, Lyca සහ Lycafly ඇතුළත් වේ. ලයිකාමොබයිල් සහ ලයිකා යන නම්, පිළිවෙලින් එක්සත් රාජධානිය පදනම් කොටගත් ජංගම දුරකථන සේවා සහ විදුලි සංදේශ වයාපාරයක් සඳහා ලැයිස්තුගත වී ඇත. සුබාස්කරන් අල්ලිරාජා ලයිකාමොබයිල්, ලයිකාමොබයිල් ස්වීඩන් මෙන්ම ලයිකා එන්ටර්ටේන්මන්ට් යුරෝප් සඳහා අධ්‍යක්ෂවරයෙකු ලෙසින් සඳහන්ව ඇත. එසේම ඔහු යටකී සමාගම් වල බහුතර කොටස් හිමිකරුවෙකුද වේ.
මවු සමාගම
සීමාසහිත බෙන් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම හා බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම
ව්‍යාපාර ආකෘති පත්‍රය
පුද්ගලික
නෛතික ආකෘති පත්‍රය
සීමිත වගකීම් සමාගම
ව්‍යාපාරික ක්ෂේත්‍රයන්
ගුවන් විදුලි හා රූපවාහිනී විකාශන
තනි හිමිකරු
ඇලෙක්සීස් ඉන්ද්‍රජිත් ලොවෙල් සීමාසහිත බෙන් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම හරහා සීමාසහිත ඊ ඒ පී බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් හි කොටස් වලින් 59.99% ක් පාලනය කරයි. වර්තමානයේදි ඔහු සීමාසහිත නැෂනල් ඇසට් මැනේජ්මන්ට් හි සහ සීමාසහිත යුනියන් බෑන්ක් ෆිනෑන්ස් සමාගමේ සභාපති පදවිය දරයි. එසේම සීමාසහිත ඇසෝසියේටඩ් ඉලෙක්ට්‍රිකල් කෝපරේෂන් සහ සීමාසහිත රියල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම යන ඒවායේ අධ්‍යක්ෂ තනතුරුද දරයි, 2011 දී ඔහු සීමාසහිත යුනියන් බෑන්ක් ෆිනෑන්ස් හි විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කරන්නට යෙදිණි.
සුබාස්කරන් අල්ලිරාජා, සීමාසහිත ලයිකා මොබයිල් යූකේ හි සභාපති සහ බහුතර කොටස් හිමිකරුවා වන අතර, එම සමාගම Pettigo Comercio Internacional Lda හරහා සීමාසහිත ඊ ඒ පී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගමේ කොටස් 40% ක හිමිකාරීත්වය දරයි. ලයිකා මොබයිල් ව්‍යාපාර සමූහයේ ආරම්භකයා ලෙසට ඔහු Lycamoney, Lycatel සහ Lycafly සමාගම් වලද සභාපතිවරයා වේ. වර්තමානයේදී ලයිකාටෙල් හා ලයිකා මොබයිල් රටවල් 23 කට ව්‍යාප්ත වී ඇත. 2010 දී අල්ලිරාජා විසින් තම මව වන ඥාණම්බිකායි අල්ලිරාජා සහ තම බිරිඳ වන ප්‍රේමා (ප්රේමනාදර්ශිණී) සුබාස්කරන් සමගින් ඥාණම් පදනම ආරම්භ කරන ලදී. මෙම පදනම මගින් පහසුකම් නැති ප්‍රජාවන්හි ජීවනෝපාය හා අධ්‍යාපනය දියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා අරමුදල් සපයයි.
වෙනත් රූපවාහිනී විකාශනයන්
ඊ ටී වී
වෙනත් ගුවන් විදුලි විකාශනයන්
ඊ එෆ් එම්
රන්-වන් එෆ් එම් (0.70)
ව්‍යාපාරය
විදුලි සංදේශ
ලයිකා සමූහය
සාමාන්‍ය තොරතුරු
ආරම්භ කළ වසර
දත්ත නොමැත
ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්
ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව මෙහෙයවනු ලබන සීමාසහිත ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගම ආරම්භ කරන්නට යෙදුණේ එදිරිසිංහ පවුල මගිනි. 1930 දී ඊඒපී එදිරිසිංහ විසින් ස්ථාපනය කරනු ලැබූ සීමාසහිත ඊඒපී හෝල්ඩින්ග්ස් සමාගම (ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් මවු සමාගම) මුලින්ම ආරම්භ වූයේ උකස් ක්ෂේත්‍රයේයි. එයින් පසුව ව්‍යාපාරය ක්ෂේත්‍රයන් ගණනාවක් ඔස්සේ විහිදුණි. එනම් සරවන ෆයිනෑන්ස් සහ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්න්ට්මන්ට් (ETI) යන මූල්‍ය සමාගම් දෙක මෙන්ම සත්කාරක, ස්වර්ණාභරණ හා සිනමා යන ක්ෂේත්‍රයන්හි වන ව්‍යාපාරයන් වේ. ඊ.ඒ.පී.එදිරිසිංහ 1974 දී අභාවප්‍රාප්ත වීමෙන් පසුව ඔහුගේ බිරිඳ වන සෝමා එදිරිසිංහ විසින් සමාගමේ පාලනය ලබාගත් අතර, ඒ වනවිට විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන් ඔස්සේ උප සමාගම් 25 ක් දක්වා එය විහිදී තිබිණි. ඇය සිංහ සමාජයේ පළමුවෙනි දිස්ත්‍රික් සිංහාධිපතිනිය (2003-2004) වූ අතර, ජනසර පදනම වැනි පුණ්‍ය සංවිධානයන් පිහිටුවීම වැනි මානව හිතවාදී කටයුතු සඳහාද ප්‍රසිද්ධ වූවාය. 2015 දී සෝමා එදිරිසිංහ අභාවප්‍රාප්ත වීමෙන් පසු ඇගේ දරුවන් වන ජීවක, නාරල, අසංක හා දීපා ව්‍යාපාරයේ පාලනය ලබාගන්නා ලදී.
සේවා නියුක්තයින්
දත්ත නොමැත
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
EAP Broadcasting Company Limited
No.676 A2, Galle Road, Colombo 3
Tel: +947 534 534
Website: eapholdings.lk
බදු අංකය/හඳුනා ගැනීමේ අංකය
දත්ත නොමැත
මූල්‍ය තොරතුරු
ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
කළමනාකාරීත්වය
විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්
තෝමස් මැතිව් - 2018 සඳහා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගත හැකි තොරතුරු වලට අනුව ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් ලැයිස්තු ගතවී ඇත්තේ මැලේසියාව පදනම් කරගත් අයෙකු වන තෝමස් මැතිව් ගේ නමයි.
අසංක ශ්‍රීමාල් එදිරිසිංහ - ඊඒපී හොල්ඩින්ග්ස් නිර්මාතෘගේ පුත්‍රයාද, ස්වර්ණමහල් ෆයිනෑන්ශල් සර්විසස් පීඑල්සී විධායක අධ්‍යක්ෂවරයෙකුද වේ. එසේම ඔහු සමාගම් 15 කට වැඩි ප්‍රමාණයක අධ්‍යක්ෂ තනතුරු දරණ අතර, මෙයින් බොහෝමයක් ඊඒපී සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වේ. 2018 ජූලි මාසයේදි වාර්තා වන අන්දමට අසංක ශ්‍රීමාල් එදිරිසිංහ හට සහ තවත් ඊඒපී සමූහයේ අධ්යක්ෂවරුන් තිදෙනෙකුට, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ගමන් තහනමක් පනවන ලදී. 2018 ජූලි 10 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවෙන්, යටකී අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් හා දේපොළ පිළිබඳ තොරතුරු ඉල්ලමින් පොදු දැන්වීමක් නිකුත් කරනු ලැබිණි. 2018 මැයි සඳහා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගත හැකි තොරතුරු වලට අනුව, අසංක ශ්‍රීමාල් ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් දැක්වේ.
අංජලී දීපා එදිරිසිංහ - ඊඒපී සමූහ ව්‍යාපාරයන්හි නිර්මාතෘගේ බිරිඳ සහ පසුව සමූහයේ ව්‍යාපාරයන් පාලනය කළ, නැසී ගිය සෝමා එදිරිසිංහගේ දියණියයි. දීපා, අසංක ශ්‍රීමාල් අධ්‍යක්ෂ ධූරයන් දැරූ සමාගම් වලම අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කරයි. 2017 දී දීපා නිවේදනය කරන්නට යෙදුණේ, ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) හරහා පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින බවටයි. එසේම වාර්තා වන අන්දමට ඇයව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කොළඹ දිස්ත්‍රික් ශ්‍රීලනිප සංවිධායක ලෙසින්ද පත් කරන්නට යෙදිණි. අසංක ශ්‍රීමාල් හට මෙන්ම දීපා හටද ගමන් තහනමක් පැනවිණි. ඊට අමතරව මහ බැංකුව විසින් දේපළ හා වත්කම් හිමිකාරීත්වයසම්බන්ධයෙන් නිරීක්ෂණය කරනු ලබන අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුවට ඇගේ නමද ඇතුළත් වේ. සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගත හැකි තොරතුරු වලට අනුව, ඇය ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් දැක්වේ.
ඕමාර් සිරාජ් කන්දීල් - වාර්තා වන අන්දමට ඔහු ස්විට්සර්ලන්තය පදනම් කොටගත් BlueOrchard සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටී. මෙය ලෝක ව්‍යාප්ත සමාජයීය හා පාරිසරික බලපෑම් වෙනුවෙන් ආයෝජන කටයුතු සිදුකරනා ප්රමුඛ පෙළේ සමාගමක් සහ විශේෂයෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය වැනි අඩු ආදායම් ලාභීන් සඳහා වන මූල්‍ය කටයුතු වෙත අවධානය යොමු කරනා සමාගමකි. 2018 මැයි සඳහා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගත හැකි තොරතුරු වලට අනුව, ඕමාර් ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් දැක්වේ.
දොන් සිරිල් රොද්‍රිගෝ - දොන් සිරිල් රොද්‍රිගෝ නැතිනම් සිරිල් රොද්‍රිගෝ යනු සීමාසහිත එස්-නෙට් ෆ්රේයිට් (හෝල්ඩින්ග්ස්) (පුද්) සමාගමේ ආරම්භකයා සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ. එය සිංග්ප්පූරුව පදනම් කොටගත් ප්‍රවාහන සමාගමකි. එසේම ඔහු මින් පෙර කැතී පැසිෆික් හි නෞභාර අලෙවි කළමනාකරු ලෙසින්ද, AEI හි අලෙවි කළමනාකරු ලෙසින්ද, Emery Worldwide හි ආසියා ශාන්තිකර උප සභාපති ලෙසින්ද තනතුරු උසුලා ඇත. 2018 මැයි සඳහා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගත හැකි තොරතුරු වලට අනුව, සිරිල් රොද්‍රිගෝ ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් දැක්වේ.
පෝල් ක්සේවියර් කෙලී - 2018 මැයි සඳහා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගත හැකි තොරතුරු වලට අනුව ඔහු ආයෝජන කළමනාකරු ලෙසින් දැක්වේ.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
ඊඒපී හෝල්ඩින්ග්ස් නිල වෙබ් අඩවිය මාස දෙකක් පුරාවටම ගොඩනැගෙමින් පැවතුණු අතර, එනිසා සමාගමේ වර්තමාන හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු ඒ ඔස්සේ ලබාගැනීම උගහට විණි. එනිසා මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂණ කණ්ඩායම විසින් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙන් ලබාගත් කොටස්කරුවන් පිළිබඳ තොරතුරු වලට අමතරව, පුවත්පත් වාර්තාවන් කිහිපයක්ද පරිශීලනය කරන්නට යෙදිණි. වඩාත්ම මෑතකාලීනව ලබාගත හැකි දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. කෙසේ වුවත් කොටස් පැවරීම සම්බන්ධ ලේඛනයන් වසර 2018 සඳහා ඇත. ඉහත සඳහන් කළ ආකාරයට සීමාසහිත බ්ලූ සමිට් කැපිටල් (පුද්) සමාගමට සහ සීමාසහිත බෙන් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමට කොටස් පැවරීමෙන් පසුව, සීමාසහිත ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගම වාර්ෂික වාර්තාවක් ගොනු කොට නැත. එසේම සීමාසහිත බ්ලූ සමිට් කැපිටල් (පුද්) සමාගම සඳහා නිල වෙබ් අඩවියක් නොපවතී. සීමාසහිත බ්ලූ සමිට් කැපිටල් (පුද්) සමාගම සම්බන්ධයෙන් වන තොරතුරු ලබාගෙන ඇත්තේ සිංගප්පූරුවේ සමාගම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙනි. මේ අතරේදී 2015 දී Pettigo Commercio Internacional LDA මගින් lycamovie.com ඩොමේන් නාමය භාවිතය උදෙසා ගොනු කොට ජයග්‍රහණය කළ නඩුවක් ඔස්සේ, Lycamobile සහ සීමාසහිත බ්ලූ සමිට් පුද් සමාගමේ කොටස් හිමි සමාගම වන Pettigo Commercio Internacional LDA අතර සම්බන්ධතාවයක් ස්ථාපනය කරගැනීමට හැකිවී ඇත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 25 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගම වෙත නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම මගින් විශේෂයෙන්ම ඊඒපී බ්‍රෝඩ්කාස්ටින්ග් සහ ස්වර්ණවාහිනී කළමනාකාරීත්වය පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා බෙන් හෝල්ඩින්ග්ස් සමාගම සම්බන්ධ කරගන්නා ලදී. 2018 ඔක්‍තෝබර් 01 වන දින බෙන් හෝල්ඩින්ග්ස් වෙතට නව ලිඛිත ඉල්ලීමක් යවන ලදී.
මූලාශ්රයන්
The Immigrant Phone Card Seller Making The Bollywood Movie You Have To See by Forbes (2017), Accessed on 22 September 2018