ස්වාධීන රූපවාහිනී සේවය (ITN)
ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) 1979 අප්‍රේල් 13 වැනි දින සිට විකාශන කටයුතු ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ පුරෝගාමී රූපවාහිනී චැනලය ලෙසින් සැලකේ. ස්වාධීන රූපවාහිනී නාලිකාව අයත් සමාගම වූ ITN, 1979 අප්‍රේල් මස මෙහෙයුම් ආරම්භ කළේ පුද්ගලික අංශයේ සමාගමක් ලෙසින් වුවත්, ස්වාධීන රූපවාහිනී ජාලය 1979 ජූනි 5 දිනැති අංක 39/04 දරණ රජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් රජයට පවරා ගන්නා ලදී. එය රජයට අයත් පොදු සමාගමක් බවට ඒකාබද්ධ වීමේ සිට එහි සමස්ත කොටස් 9,500,000 ම අයත් වන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය භාණ්ඩාගාර ලේකම් හට වේ. මෙම ආයතනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය තුළ තිබේ.
ITN නාලිකාව ප්‍රධාන වශයෙන්ම සිංහල භාෂාවෙන් වැඩසටහන් විකාශය කරන අතර, එහි සහෝදර නාලිකාව වන වසන්තම් ටීවී වැඩසටහන් විකාශය කරන්නේ දෙමළ බසිනි. 2017 වසර සඳහා ITN නාලිකාවට 7.0% ක ප්‍රේක්ෂක ප්‍රතිශතයක් තිබිණි. එහි විකාශන පෙළගැස්වීම පැය 20 ක් වන අතර, එයට ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම්, ටෙලිනාට්‍ය, අධ්‍යාපනික වැඩසටහන්, සාකච්ඡා වැඩසටහන් අයත් වන අතර, ප්‍රධාන වශයෙන් චිත්‍රපට හා ටෙලිනාට්‍ය ලෙසින් හඳුනාගත හැකි විදෙස් රටවලින් ලබාගත් ඉංග්‍රීසි වැඩසටහන් කොටසක්ද තිබේ.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
7.00%
හිමිකාරීත්ව ආකාරය
රජයට අයත්
භූගෝලීය ආවරණය
ජාතික
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ විකාශය කරනු ලබන
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය (ITN)
හිමිකාරීත්ව ව්‍යුහය
ස්වාධීන රූපවාහිනී ජාලය 1979 ජූනි 5 දිනැති අංක 39/04 දරණ රජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් රජයට පවරා ගන්නා ලදී. එය 1982 අංක 6 දරණ පනතින්, වර්තමානයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව යටතට ගන්නා ලදී. වසන්තම් ටීවී ද අයත් වන සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) කොටස් 100% ක හිමිකම ඇත්තේ භාණ්ඩාගාර ලේකම්ට වේ. මෙම ආයතනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය තුළ තිබේ.
ඡන්ද අයිතිවාසිකම්
දත්ත නොමැත
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
1979
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහ (පෙර විජේවර්ධන) දෙදෙනාගේ වැඩිමහලු පුත්‍රයා වන්නේ ශාන් වික්‍රමසිංහයි. ඔහුගේ සොයුරු රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙයි. 1979 දී ශාන් වික්‍රමසිංහ විසින් ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) ආරම්භ කරන ලදී. එම සමයේදී වාර්තා වන ආකාරයට රටේ ප්‍රථම පුද්ගලික රූපවාහිනී නාලිකාව වූයේ ස්වාධීන රූපවාහිනියයි. ශාන්ගේ මාමා වන්නේ, ශ්‍රී ලංකාවේ 1978 ව්‍යවස්ථාවට අනුව ප්‍රථම විධායක ජනපතිවරයා වූ ජේ.ආර්.ජයවර්ධනයි. ජේ.ආර්.ජයවර්ධනගේ රජය යටතේ 1979 දී ස්වාධීන රූපවාහිනී ජාලය රජයට පවරා ගැනිණි. ශාන් වික්‍රමසිංහගේ මව් පසින් සීයා වන ඩී.ආර්.විජේවර්ධන ශ්‍රී ලංකාවේ ලේක් හවුස් සමූහය පිහිටවූ අතර පසුව එය සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL) බවට පත් විණි. වර්තමානයේ ශාන් වික්‍රමසිංහ විසින්, TNL රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා හිමිකාරීත්වය ඇති සීමාසහිත ටෙල්ෂාන් නෙට්වර්ක්ස් (පුද්) සමාගමේ සභාපති ධූරය දරයි.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ චන්දන තිලකරත්නයි. ඔහු චයිනා රේඩියෝ ඉන්ටර්නැෂනල් හි ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසින්ද කටයුතු කර තිබේ. ITN හා එක් වීමට පෙරාතුව ඔහු සත් එෆ් එම් හි ප්‍රධාන විධායක නිලධාරී ලෙසින්ද සේවය කොට ඇත.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
ITN හි ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක වන්නේ සුභාෂ් ජයවර්ධනයි.
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
2018 මැයි මාසයේදී ITN හි සභාපතිවරයා ලෙසින් ජේ.එම්.තිලකා ජයසුන්දර පත්විණි. ඇය ඊට අමතරව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ද (සංවර්ධන/සැලසුම්) වේ. ඊට පෙර ඇය විසින් පහත ධූරයන් දරා ඇත.
ශ්‍රී ලංකාවේ ආසියා ඵලදායිතා සංවිධානයේ (APO) අධ්යක්ෂ හා සම්බන්ධීකරණ නිලධාරිනී.
ශ්‍රී ලංකාවේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ හා නියෝජ්‍ය අධ්යක්ෂ.
ශ්‍රී ලංකාවේ ජාතික ඵලදායිතා සංවිධානයේ ප්‍රධානී.
කම්කරු සබඳතා හා ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ සැලසුම්, පර්යේෂණ හා සංවර්ධන අධ්යක්ෂ.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
The Independent Television Network Limited
Wickramasinghepura, Battaramulla
10120
Tel: +94-11-2774424
Website: www.itn.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) සම්බන්ධ හිමිකාරීත්ව ව්‍යුහය පිළිබඳව එහි නිල වෙබ් අඩවියෙන් පැහැදිලිව සඳහන් නොවෙන අතර, වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න සම්බන්ධයෙන්ද එහි ඇත්තේ අවම තොරතුරු ප්‍රමාණයකි. මේ අතර, පොදු සමාගම් පිළිබඳ තේරීම් කාරක සභාවේ සිවුවෙනි වාර්තාවෙනි හෙළිදරවු වූයේ 2016 සැප්තැම්බර් 01 සිට 2017 පෙබරවාරි 28 දක්වා, 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාරයන්ට සම්බන්ධ වෙළෙඳ දැන්වීම් විෂයෙහි බොහෝ මෙහෙයුම් ගැටළු සිදුව ඇති බවයි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, එක්තරා ජනාධිපතිවරණ ව්‍යාපාරයක් ප්‍රවර්ධනය උදෙසා, රුපියල් 101,773,058 ක වටිනකමින් යුතු වෙළෙඳ දැන්වීම් විකාශනය නොමිලේ සිදුකර තිබිණි. කෙසේ වුවත් කුමන ජනාධිපතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය මෙසේ සිදුවුනේද යන්න එම වාර්තාව මගින් හෙළිදරවු නොවේ. # ස්වාධීන රූපවාහිනියේ කොටස් හිමිකරු ව්‍යුහය පිළිබඳ තොරතුරු ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙනි. වඩාත්ම මෑතකාලීනව ලබාගත හැකි දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. වසර 2017 සඳහා ප්‍රේක්ෂක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගන්නා ලදී. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලයෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.