සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය (ITN)
සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) රජයට අයත් මාධ්‍යායතනයකි. වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහගේ සොයුරු, සීමාසහිත ටෙල්ෂාන් නෙට්වර්ක්ස් (පුද්) සමාගමේ සභාපති ශාන් වික්‍රමසිංහ විසින් ආරම්භ කරන්නට යෙදුණු ITN ආයතනය එහි ක්‍රියාකාරකම් ආරම්භ කළේ 1979 අප්‍රේල් මාසයේදී පෞද්ගලික සමාගමක් ලෙසිනි. කෙසේ වුවත් 1979 ජූනි වසරේ අංක 39/4 දරණා අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එය රජයට පවරා ගැනිණි. 1992 දී එය රජයට අයත් පොදු සීමිත සමාගමක් බවට සංස්ථාපනය කෙරිණි.
වර්තමානයේදී ITN ආයතනය මගින් රූපවාහිනී සහ ගුවන් විදුලි යන පර්යන්තයන් දෙකෙහිම ක්‍රියාත්මක වේ. රූපවාහිනී අංශයේදී ඒ මගින් ස්වාධීන රූපවාහිනිය සහ වසන්තම් ටීවී පාලනය කරයි. සිංහල භාෂා නාලිකාවක් වන ITN නැතිනම් ස්වාධීන රූපවාහිනී නාලිකාවට 7% ක ප්‍රේක්ෂක ප්‍රමාණයක් සිටිනා අතර, දමිළ භාෂා නාලිකාවක් වන වසන්තම් ටීවී වෙත 2.4% ක ප්‍රේක්ෂක ප්‍රතිශතයක් තිබේ. ගුවන් විදුලි අංශයේදී එය 0.48% ක ශ්‍රාවක ප්‍රතිශතයක් සහිත අයි ටී එන් එෆ් එම් සහ, 1.6% ක ශ්‍රාවක ප්‍රතිශතයක් සහිත වසන්තම් එෆ් එම් පාලනය කරයි. අයි ටී එන් එෆ් එම් මින් පෙර හැඳින්වුණේ ලක්හඬ නමින් වූ අතර, මෙම ගුවන් විදුලි විකාශනය ආරම්භ වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උප කොටසක් ලෙසිනි. එය 1997 අප්‍රේල් මාසයේදී ITN ජාලයට අනුයුක්ත කොට ගැනිණි. වර්තමානයේ පවත්නා රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවන්ට අමතරව ITN ආයතනය සතුව මින් පෙර ප්‍රයිම් ටීවී නමින් වූ ඉංග්‍රීසි භාෂා රූපවාහිනී නාලිකාවක් මෙන්ම ප්‍රයිම් රේඩියෝ ශ්‍රී ලංකා නම් ගුවන් විදුලි නාලිකාවක්ද පැවතිණි. මෙම නාලිකාවන් දෙකම 2011 වසරේදී විකාශය අත්හිටුවනු ලැබිණි.
ITN ආයතනය ආරම්භ වූයේ සහ ලියාපදිංචි කෙරුණේ පුද්ගලික සමාගමක් ලෙසින් වුවත්, එය රජයට අයත් පොදු සමාගමක් බවට පත්වූ පසු එහි සියලුම කොටස් 9,500,000 ක ප්‍රමාණය ශ්‍රී ලංකා රජයේ මහා භාණ්ඩාගාර ලේකම් වෙත හිමිවිණි. මෙම ආයතනයද ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය තුළ වේ.
ව්‍යාපාර ආකෘති පත්‍රය
රජයට අයත්
නෛතික ආකෘති පත්‍රය
පොදු සමාගම
ව්‍යාපාරික ක්ෂේත්‍රයන්
ගුවන් විදුලි හා රූපවාහිනී විකාශන
තනි හිමිකරු
සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) කොටස් 100% ක හිමිකාරීත්වය තිබෙන්නේ භාණ්ඩාගාර ලේකම් හට වේ. මෙය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටතට පැමිණෙන ආයතනයකි.
වෙනත් ගුවන් විදුලි විකාශනයන්
අයි ටී එන් එෆ් එම් (0.48%)
වසන්තම් එෆ් එම් (1.6%)
වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්
http://www.itntv.lk/
http://www.vasantham.lk/
http://www.itnfm.lk/
http://www.vasanthamfm.lk/
සාමාන්‍ය තොරතුරු
ආරම්භ කළ වසර
1979
ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්
එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහ (පෙර විජේවර්ධන) දෙදෙනාගේ වැඩිමහලු පුත්‍රයා වන්නේ ශාන් වික්‍රමසිංහයි. ඔහුගේ සොයුරු රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙයි. 1979 දී ශාන් වික්‍රමසිංහ විසින් ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) ආරම්භ කරන ලදී. එම සමයේදී වාර්තා වන ආකාරයට රටේ ප්‍රථම පුද්ගලික රූපවාහිනී නාලිකාව වූයේ ස්වාධීන රූපවාහිනියයි. ශාන්ගේ මාමා වන්නේ, ශ්‍රී ලංකාවේ 1978 ව්‍යවස්ථාවට අනුව ප්‍රථම විධායක ජනපතිවරයා වූ ජේ.ආර්.ජයවර්ධනයි. ජේ.ආර්.ජයවර්ධනගේ රජය යටතේ 1979 දී ස්වාධීන රූපවාහිනී ජාලය රජයට පවරා ගැනිණි. ශාන් වික්‍රමසිංහගේ මව් පසින් සීයා වන ඩී.ආර්.විජේවර්ධන ශ්‍රී ලංකාවේ ලේක් හවුස් සමූහය පිහිටවූ අතර පසුව එය සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL) බවට පත් විණි. වර්තමානයේ ශාන් වික්‍රමසිංහ විසින්, TNL රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා හිමිකාරීත්වය ඇති සීමාසහිත ටෙල්ෂාන් නෙට්වර්ක්ස් (පුද්) සමාගමේ සභාපති ධූරය දරයි.
සේවා නියුක්තයින්
දත්ත නොමැත
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
The Independent Television Network Limited
Wickramasinghepura, Battaramulla 10120
Tel: +94-11-2774424
Website: itn.lk
බදු අංකය/හඳුනා ගැනීමේ අංකය
N(PBS/CGB) 119
මූල්‍ය තොරතුරු
ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)
9.37 Mio $ / 1,429 Mio. LKR
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
-1.88 Mio. $ / - 287 Mio. LKR
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
කළමනාකාරීත්වය
විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්
ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ චන්දන තිලකරත්නයි. ඔහු චයිනා රේඩියෝ ඉන්ටර්නැෂනල් හි ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසින්ද කටයුතු කර තිබේ. ITN හා එක් වීමට පෙරාතුව ඔහු සත් එෆ් එම් හි ප්‍රධාන විධායක නිලධාරී ලෙසින්ද සේවය කොට ඇත.
විමල් ශ්රීකුමාර කැටිපෙ ආරච්චි - ITN හි අධ්යක්ෂ මණ්ඩල සාමාජික
අරන්දර කංකානම්ලාගේ දොන් දිමල් ධනංජය අරන්දර - ITN හි අධ්යක්ෂ මණ්ඩල සාමාජික
වික්‍රමසූරිය මහමලිමපේ නලින් අසංක අපොඋරෝ - ITN හි අධ්යක්ෂ මණ්ඩල සාමාජික
මෙත්සිරි හේමකුමාර කාරියවම්ස පරණවිතාන - ලක්දෙරණ හිටපු සභාපති, BOC ට්‍රැවල්ස්-ශ්‍රී ලංකා සහ සීමාසහිත සී-නෝර් පදනමේ වර්තමාන සභාපති
අප්පුහාමිලාගේ සුභාෂ් ප්‍රියංකර පින්නපොල - ස්ටෝරිබුක් හි ආරම්භක/ප්‍රධාන විධායක නිලධාරී, ලියෝ බර්නෙට් හිටපු විධායක නිර්මාණ අධ්යක්ෂ හා TBWA හි හිටපු ප්‍රධාන නිර්මාණ නිලධාරී
සෙලීනා දුලාංජලී පීරිස් - ජාතික සමගිය හා සංහිඳියාව සඳහා කාර්යාලයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ, UNIDO හි හිටපු උපදේශක සහ Seyln හි වත්මන් ව්‍යාපාර සංවර්ධන අධ්යක්ෂ
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) සම්බන්ධ හිමිකාරීත්ව ව්‍යුහය පිළිබඳව එහි නිල වෙබ් අඩවියෙන් පැහැදිලිව සඳහන් නොවෙන අතර, වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න සම්බන්ධයෙන්ද එහි ඇත්තේ අවම තොරතුරු ප්‍රමාණයකි. සමාගමේ මූල්‍ය තොරතුරු ලබාගැනීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ 2018 මධ්‍ය-වාර්ෂික මූල්‍ය තත්ව වාර්තාවෙන් සහ 2017 සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවෙන් ලබාගන්නා ලදී. මේ අතර, පොදු සමාගම් පිළිබඳ තේරීම් කාරක සභාවේ සිවුවෙනි වාර්තාවෙනි හෙළිදරවු වූයේ 2016 සැප්තැම්බර් 01 සිට 2017 පෙබරවාරි 28 දක්වා, 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාරයන්ට සම්බන්ධ වෙළෙඳ දැන්වීම් විෂයෙහි බොහෝ මෙහෙයුම් ගැටළු සිදුව ඇති බවයි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, එක්තරා ජනාධිපතිවරණ ව්‍යාපාරයක් ප්‍රවර්ධනය උදෙසා, රුපියල් 101,773,058 ක වටිනකමින් යුතු වෙළෙඳ දැන්වීම් විකාශනය නොමිලේ සිදුකර තිබිණි. කෙසේ වුවත් කුමන ජනාධිපතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය මෙසේ සිදුවුනේද යන්න එම වාර්තාව මගින් හෙළිදරවු නොවේ. # ස්වාධීන රූපවාහිනියේ කොටස් හිමිකරු ව්‍යුහය පිළිබඳ තොරතුරු ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙනි. වඩාත්ම මෑතකාලීනව ලබාගත හැකි දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. වසර 2017 සඳහා ප්‍රේක්ෂක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගන්නා ලදී. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලයෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි. ගණන් ප්‍රමාණයක් ඇමරිකානු ඩොලරයට පරිවර්තනය කිරීම සඳහා 2017 වසර සඳහා මහ බැංකුවේ විනිමය අනුපාත මධ්‍යන්‍ය අගය (152.45) භාවිතා කොට ඇත.